මහනුවර වෙසක් සමාප්ති උළෙලට ගිය විදේශික දූත පිරිසට හෝටලේට යන්න බස් නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 16, 2017

මහනුවර වෙසක් සමාප්ති උළෙලට ගිය විදේශික දූත පිරිසට හෝටලේට යන්න බස් නෑ


එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල වෙනුවෙන් මහනුවර පැවති සමාප්ති උත්සවයට නවාතැන් වෙන්කර තිබී ඇත්තේ අම්පිටිය හෝටලයේය. නේපාල,චීන,කාම්බෝජ හා තායිලන්තයෙන් ආ මෙම පිරිස කොළඹ උත්සවයටද එක්වී පසුව මහනුවරට දුම්රියෙන් ගොස්
නවාතැන් දෙන අම්පිටිය

හෝටලයට දුම්රිය ස්ථානයේ සිට බස් රථවලින් යාමට සැලසුම් කර තිබී ඇත.

නමුත් මෙහි සංවිධායකයින් කල් ඇතිව ඒ සඳහා සූදානම් කරගෙන තිබී ඇත්තේ කොළඹදී අමුත්තන්ට සැපයූ බස් රථම මහනුවරදීද සපයන්නටය. ඒ අනුව දූත පිරිස මහනුවරට දුම්රියෙන් යද්දී එකී බස් රථ කොළඹ සිට බස් රථ මාර්ග ඔස්සේ මහනුවරට ළඟාවෙමින් පැවතී  ඇත.

කෙසේ වෙතත් අපේක්ෂිත කාලයට පෙර
එදින දුම්රිය ඉක්මණින් මහනුවරට ගිය නිසා දූත පිරිස මහනුවර දුම්රිය ස්ථානයේ නතරවී බස් එනතුරු බලා ඉන්න සිදුව තිබේ. එම අවස්ථාවේ ඔවුන් පත්වූ අපහසුතාවය තේරුම් ගත් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වායුසමනය කළ බස් රථ කිහිපයක් වෙනම ගෙන්වා ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා දෙන්නට ඉදිරිපත්ව තිබේ.
 සංවිධායකයින්ගේ දුර්වල තීරණ නිසා මෙම තත්වය උදාවිය.
පොලිසිය මැදිහත්වී එසේ නොකළා නම් ලංකාවේදී ඔවුන් පත්වූ අපහසුතාවය විශාල ගැටලුවක් වන්නට ඉඩ තිබුණ බවද වාර්තා විය.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *