වැල්ලවත්තේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 18, 2017

වැල්ලවත්තේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

වැල්ලවත්තේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි
වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක් මීට සුළු මොහොතකට පෙර කඩා වැටී තිබෙනවා. මේ වන විට තුවාලකරුවන් 09 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් විශාල පිරිසක් ගොඩනැගිල්ල තුළ සිට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

වැල්ලවත්ත චාර්ලිමන්ත් පාරේ පිහිටි මහල් ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී තිබෙනවා. එහිදී තුවාල ලැබූ පුද්ගලයින් නව දෙනෙකු කොළඹ ජාතික රෝහලට සහ කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යවා ඇති බවයි පොලිසිය පැවසුවේ. කඩා වැටුණු ගොඩනැගිල්ල උත්සව ශාලාවක් පවත්වාගෙන ගිය ස්ථානයක් බවත් වාර්තා වෙනවා. 

No comments:

Post a Comment

Post Bottom Ad