මහින්ද ඝාතන කුමන්ත‍්‍රණයක්… ආණ්ඩුවේ සෘජු සම්බන්ධයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

මහින්ද ඝාතන කුමන්ත‍්‍රණයක්… ආණ්ඩුවේ සෘජු සම්බන්ධයක්..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව ඉවත් කිරීම එතුමා ඝාතනය කිරීමේ සැලසුම් සහගත කුමන්ත‍්‍රණයක් බවට ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග මහතා චෝදනා කරයි. ඔහු අවධාරණය කරන්නේ ඊට වත්මන් ආණ්ඩුව සෘජුවම සම්බන්ධ බවයි.

අද (04) බත්තරමුල්ලේ නෙඵම් පෙදෙස පිහිටි මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රණතුංග මහතා මේ බව සදහන් කලේය. වර්තමාන දේශපාලන තත්වය පැහැදිලි කිරීම සදහා මෙම මාධ්‍ය හමුව කැදවා තිබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්‍ෂාවට හිටපු ප‍්‍රභූ ආරක්‍ෂාව සදහා විදේශ පුහුණුව ලැබූ නිලධාරීන් 47 දෙනෙකු වහාම කි‍්‍රයාත්මක වන පරිදි ඉවත්කර තිබෙනවා. ආණ්ඩුව ඔවුන් ඉවත් කලේ මැයි 01 වෙනිදා ගාලූ මුවදොර පිටියට පැමිණි මහා ජනගග දැකලා බයවෙලයි. මහින්ද මහත්තයා මේ රටේ යුද්ධය නැති කල නායකයා ඔහුට කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් වගේම බටහිර ඇතැම් රට වලිනුත් තර්ජන තිබෙනවා. ඒ නිසා එතුමාට ආරක්‍ෂාව ලබාදියයුතු ආකාරය ආරක්‍ෂක මණ්ඩලය අනුමත කරලා කැබිනට් අනුමැතියත් ලබාගෙන තිබෙනවා.

හයිඞ් පිටියේ පැවති රැස්වීමේන් පස්සේ මහින්ද මහත්තයගේ ආරක්‍ෂාවට හිටපු හමුදාව ඉවත්කරලා පොලීසිය යෙදෙව්වා. මේක තමයි පලමු කුමන්ත‍්‍රණය. මේ ගැන දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්ණ කලා. අගමැතිවරයා මෙහිදී පොරොන්දු වුනා මහින්ද මහත්තයගේ ආරක්‍ෂාව තහවුරු කරන බවට ආණ්ඩුවේ ඇමති කෙනෙක් වුණු සරත් ෆොන්සේකා මහතා කියනවා මහින්ද මහත්තයව සාටකයෙන් එල්ලන්න ඕනෙලූ. රාජිත සේනාරත්න ඇමතිවරයත් ඒ හා සමාන කතා කියනවා.



දෙමළ ඩයස් පෝරාවත්, බටහිර රටවලූත්, මහින්ද මහත්තයව පරාද කරන්න කුමන්ත‍්‍රණය කලා කියන එක රහසක් නෙමේ. ඇමෙරිකාවට ඕනෑ වුනා මහින්ද මහත්තයව අයින් කරලා තමන්ගේ රූකඩයක් පත්කර ගන්න. යුරෝපා රටවල් කීපයකුත් ඒකට උඩගෙඩි දුන්නා. ඒකයි මම කියන්නේ මේක දෙස් විදෙස් කුමන්ත‍්‍රණයක්. ඒ කුමන්ත‍්‍රණයට මේ ආණ්ඩුව සෘජුවම හවුල්.

අපි පාරම්පරික ශී‍්‍ර ලංකා කාරයෝ. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අද වත්මන් නායකත්වය යටතේ අගාදයෙන් අගාදයට යනවා. ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු අපේ ජොන් සෙනෙවිරත්න වගේ ජ්‍යෙෂ්ඨයන්ට කතා කරන විදිය අපි දැඩි ලෙස හෙලා දකිනවා. ආණ්ඩුවේ රෙදි අපුල්ලන අපේ සමහර නිවට ඇමතිවරුන්ට තාමත් වෙන්නේ මොකක්දැයි හිතාගන්න බැරුව ඇති. ආණ්ඩුවේ ඇමතිකමක් දැරුවත් ජෝන් සෙනෙවිරත්න ඇමතිතුමා විවෘතව අදහස් පල කරන කෙනෙක්. ඔහු සම්බන්ධයෙන් රාජිත සේනාරත්න ඇමතිවරයා කල ප‍්‍රකාශය අපි දැඩි ලෙෂ හෙලා දකිනවා.

එස්.බී. දිසානායක ඇමතිවරයා ගෝලිෆේස් ගණන් හිලව් කියලා තිබුණා ඒක දැකපු ගමේ මනුස්සයෙක් මගෙන් ඇහුවේ එස්.බීට පිස්සුද කියලයි. දැන් මුලූ රටම අහන්නේ එස්.බීට පිස්සුද කියලයි. ගෝල්ෆේස් මැයි රැුලියෙන් රටේ මිනිස්සු දැන ගත්තා නියම ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයෝ ඉන්නේ කා එක්කද කියලා

– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad