චන්ද්‍රිකා වලවු බලය පෙන්වයි..ලසන්ත වේදිකාවෙන් බස්සවා ජනතාව හසුරවන්න දමයි.. දහම් බේබිට කියා ඇමතිවරු 5ක් නැගිට්ටවයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

චන්ද්‍රිකා වලවු බලය පෙන්වයි..ලසන්ත වේදිකාවෙන් බස්සවා ජනතාව හසුරවන්න දමයි.. දහම් බේබිට කියා ඇමතිවරු 5ක් නැගිට්ටවයි..

මෙවර මැයි 1 වෙනිදා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය මහනුවර ගැටඹේ ක්‍රිඩාපිටියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවත් වු අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද ඒ අවස්ථාවට සහභාගි විය.

ඇය පැමිනෙන අවස්ථාව වනවිට රැලියට සහභාගි වීමට පැමිණ ජනතාව වේදිකාව ඉදිරිපිට අසුන් ගැනීම සඳහා යොදා තිබු පුටුවල වාඩි නොවි ඒ මෙත යමින් සිටි බව දුටු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග වහාම ඒ වනවිට වේදිකාවේ සිටි නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නට දැඩි ස්වරයේන් පවසා ඇත්තේ වේදිකාවේ බිමට බැස ජනතාව දෙසට ගොස් ඔහුන් හැකිතාක් පුටු හිස්ව නොතබා එහි වාඩි කරවන ලෙසයි.

ඉතා සුවච කීකරු ලෙස වේදිකාවෙන් බිමට බැස නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වේදිකාවෙන් පිටත සිට ජනතාව වාඩි කරවීමේ කටයුතු සිදු කලහ. මේ අතර වේදිකාව අසුන් ගෙන සිටි නියෝජ්‍ය අමාත්‍යවරු පිරිසක් ඔහුන් හිදගෙන සිටි ආසනවලින් නැගිට්ට වීමට ජනාධිපති ආරක්ෂක අංශය කටයුතු කල අතර එහි සිටි උසස් නිලධාරියෙකු පැවසුවේ එම ආසන 5 වෙන් කොට ඇත්තේ දහම් බේබි සඳහා බවයි.

පසුගිය දා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තරුණ සම්මේලනය සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේදි පැවති අතර එහිදී වේගවත් කතාවක් කරමින් ජනාධිපති සිරිසේන මහතා කියා සිටියේ තමන්ගේ දරුවෝ කිසි දිනක දේශපාලනයට නොගෙනෙන බවත් ඔහුනුත් සමාන්‍ය පාක්ෂිකයින් ලෙස ජනතාව අතර සිටින බවත් කොහෙත්ම ජනාධිපතිවරයා සිටින වේදිකාව තුල විශේෂ පුද්ගලයින් නොවන බවයි.

එහෙත් ශ්‍රීලංකා ඉතිහාසයේ පලමු වරට රටේ රාජ්‍ය නායකයා සහභාගි වු එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයට ශ්‍රීලංකාවේ දූත කණ්ඩායමට ජනාධිපති පුත්‍ර දහම් සිරිසේන ඇතුලත් කොට එම සමුළුවේ අමාත්‍යවරුන් වෙනුවෙන් හිමිවුන වරප්‍රසාද එහි අසුන් ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් එ ජාතීනගේ මහා මණ්ඩල සැසි වාරයේදි මීට පෙර ඔහු ලබා ගත්තේය.

– FB

No comments:

Post a Comment

Post Bottom Ad