ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධිගේ මහනුවර සංචාරයේදී හාස්කම් රැසක් සිදුව ඇතැයි වාර්තා වනවා. ඉන් ප්‍රධාන වන්නේ අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාවට පැමිණි ඉන්දීය හෙලිකොප්ටර් යානයක් කාර්මික දෝශයකට ලක්වීමයි. ඒ සම්බන්දයෙන් අදහස් දක්වමින් මහනුවර ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිළමේ ගයාන් හීන්කෙන්ද මහතා මෙලෙස අදහස් දක්වා තිබෙනවා.
” ව්‍යවහාර භාෂව අනුව නම් දළදා මාළිගාවේ දළදා සමිඳුන් වැඩ වාසය කරන රන් වියනට උඩින් කිසිම යානයක් යන්නේ නෑ.. අඩුම ගානේ කපුටෙක්වත් යන්නේ නෑ. මමත් දැක්කා හෙලිකොප්ටර් යානය දළදා වහන්සේ වැඩසිටින රන් වියනට සමීපයෙන් ගමන් කරනවා. මෙම පූජනීය ස්තානයේ කිසියම් අධ්‍යත්මික බලයක් තියෙනවා. බෞද්ධයන් මෙම පූජනීය ස්තානයට දක්වන්නේ පුදුමාකාර භක්තියක්.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට දළදා වහන්සේ වැදපුදා ගැනීම සදහා විශේෂ අවස්තාවක් ලබාදී තිබුනා. දළදා වහන්සේ තැන්පත් කර තිබූ රන් කරඬුව නිරාවරණය කරන විට අධික වැස්සක් වැස්සා. ඒත් ඒ වැස්ස ඇති වුනේ දළදා මාළිගා පරිශ්‍රය අවට ප්‍රදේශයට පමණයි. අපි පෙරහැරට කප් සිටුවීම කරන සුභ මොහොතේදීත් වැස්සක් ඇතිවෙනවා. පහුගිය අප්‍රේල් 10 වෙනිදා නාථ දේවාලේ පිංකම් පවත්වන කොටත් වැස්සා.” යනුවෙන් බස්නායක නිළමේ තුමන් ප්‍රකාශකර තිබෙනවා.
Wednesday, May 24, 2017
මෝදිගේ මහනුවර ගමනේදී වූ ඔබ නොදත් අරුම පුදුම හාස්කම් මෙන්න
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment