කඩු පොලු රැගත් පහළොවක පමණ පුද්ගලයන් පිරිසක් සිවිල් ආරක්‍ෂක බලකායේ කන්නියා උප කලාප කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවී එහි මේස පුටු පෙරළා දමා කළහකාරී ලෙස හැසිරුණු බවත් එම කාර්යාලය ඉදිරිපිටදී පුද්ගලයෙකු බරපතළ ලෙස කපා කොටා දැමු බවත් ප්‍රදේශවාසීන් පවසති.
20 සවස මෙම පිරිස ත්‍රිකුණාමලය කන්නියා ප්‍රදේශයේ පිහිටි සිවිල් ආරක්‍ෂක උප කලාප කාර්යාලයට යාබද නිවසක ජීවත්වු මවකට හා පුතෙකුට කඩු වලින් පහරදී තුවාල සිදු කර නිවස ඉදිරිපිට නවතා තිබු ත්‍රීරෝද රථයකටද හානි සිදු කර තිබේ. කඩුපහරවලින් බේරීමට නිවෙස් හිමියා අසල සිවිල් ආරක්‍ෂක කලාප කාර්යාලය දෙසට දිව ගොස් ඇති අතර පසු පසින් එලවා ගෙන ගිය මෙම පිරිස එම කාර්යාලය ඉදිරිපිටදීම ඔහු කඩුවලින් කපා කොටා තිබේ.
සෙසු පිරිස සිවිල් ආරක්‍ෂක කාර්යාලයේ පසුපසින් ඇතුළුවී මේස පුටු පෙරළා දමා කලහකාරී ලෙස හැසිරී තිබේ. තුවාල ලැබූවන් ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවන මාංකායි උත්තු පදිංචි පිල්ලෙයම්බලම් ප්‍රභාකරන් නමැති අය නුවර මහ රෝහලට මාරු කර යෑවු බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
තම නිවසට පහරදීමට මැර පිරිස පැමිණි අවස්‌ථාවේ පොලිසියට දෙවතාවක් දැනුම් දුන්නද පහරදුන් පිරිස ගොස් පැයකට පමණ පසුව පොලිසිය ආ බවත් පොලිසිය කලින් පැමිණියේ නම් මෙවන් සිදුවීමක් නොවන බවත් මේ වනතෙක් පහරදුන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර නැති බවත් තුවාල ලැබු පුද්ගලයාගේ සොහොයුරිය වන ශිවා දර්ශණි මහත්මිය පැවැසුවාය.
මේ සිද්ධියේ ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කිරීම සඳහා 21 දා පෙරවරුවේ අපරාධ ස්‌ථාන පරීක්‍ෂණ නිලධාරීන් එම ස්‌ථානයට පැමිණ තිබිණි. මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් උප්පුවේලි පොලිසිය පවසයි.
Tuesday, May 23, 2017

Home
ආරක්‍ෂක පුවත්
ත‍්‍රිකුණාමලය උණුසුම් වෙයි ..කඩු පොලු රැගත් මැර පිරිසක් සිවිල් ආරක්‍ෂක කාර්යාලයට පැන පුද්ගලයෙකු කපා කොටා දමති..
ත්රිකුණාමලය උණුසුම් වෙයි ..කඩු පොලු රැගත් මැර පිරිසක් සිවිල් ආරක්‍ෂක කාර්යාලයට පැන පුද්ගලයෙකු කපා කොටා දමති..
Tags
# ආරක්‍ෂක පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ආරක්‍ෂක පුවත්
Labels:
ආරක්‍ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment