ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට තිබූ රෝස්වුඩ් දැව තොගය කිලෝවක් ඇමෙරිකානු ඩොලර් 7.50ක් වැනි අඩු මුදලකට රහසේ විකුණා දමා ඇතැයි රේගු නිලධාරීහු සඳහන් කරති.ජාත්‍යන්තර වෙළෙඳ පොළේ මෙම දැව කිලෝවක් ඇමෙරිකානු ඩොලර් 25 – 75 ත් අතර මුදලකට අලෙවි වන බවද එම පිරිස් පෙන්වා දෙති.
මෙට්‍රික් ටොන් 420 ක බරින් යුත් මෙම දැව තොගය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දැමීමට මීට පෙර උත්සාහ කළද, ටෙන්ඩර පනතට ආපසු නොගෙන රුපියල් කෝටියක මුදලක් තැන්පත් කළ යුතු බවට නීතියක් පැනවීම නිසා එය නිසි ලෙස සිදු නොවූ බවද රේගු නිලධාරීහු සඳහන් කරති.
මේ ආකාරයට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දැමීම කඩාකප්පල් කර සාමාන්‍ය රේගු ක්‍රමයට අනුව ප්‍රසිද්ධ දැන්වීම් තුළින් ටෙන්ඩර් කැඳවීම ප්‍රසිද්ධ නොකර අදාළ දැව තොගය අමාත්‍යවරයෙකුගේ හිතවත් පුද්ගලයෙකුට කිලෝවක් ඇමෙරිකානු ඩොලර් 7.50කට විකුණා දමා තිබෙන බවද රේගු නිලධාරීහු කියා සිටිති. ඇමති මාරුවට දින තුනකට පෙර මෙම කටයුත්ත සිදුකර තිබෙන බවත්, මේ නිසා රටට ලැබීමට තිබූ විශාල මුදලක් රටට අහිමි වී තිබෙන බවත් රේගු නිලධාරීහු කියා සිටිති.
Tuesday, May 23, 2017

Home
අනාවරණ
ඇමති මාරුවට දින තුනකට පෙර රොස්වුඩ් දැව තොගය ඇමති හිතවතෙකුට විකුණයි.. කිලෝවක් ඩොලර් 7.50යි
ඇමති මාරුවට දින තුනකට පෙර රොස්වුඩ් දැව තොගය ඇමති හිතවතෙකුට විකුණයි.. කිලෝවක් ඩොලර් 7.50යි
Tags
# අනාවරණ
Share This

About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment