ජර්මනියෙන් ලංකාවට නොමිලේ ගිලන් හෙළිකොප්ටර් 24 ක්, ගිලන් රථ 1050 ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 18, 2017

ජර්මනියෙන් ලංකාවට නොමිලේ ගිලන් හෙළිකොප්ටර් 24 ක්, ගිලන් රථ 1050 ක්


දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාවක් ගොඩබිමෙන් සහ ගුවනින් නොමිලේ ක්‍රියාත්මක කිරීම සදහා ආයෝජන සිදු කිරිමට ජර්මනියේ ලෝක ප්‍රකට ඛෙන්ස් සමාගම සහ එයාර් බස් සමාගම සුදානම් වෙයි.

ජර්මනියේ සංචාරයක නිරත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම සමාගම් සහ එරට රජයේ ආර්ථික කටයුතු සදහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බැංකු නියෝජිතයින් මෙන්ම ජර්මන් රජයේ නිලධාරීන් සමග විශේෂ සාකචිඡාවක් ඊයේ (16) පවත්වන ලදි. 

ස්වභාවික විපත් සහ හදිසි ආපදා තත්ත්වයක දී රෝගීන් ප්‍රවාහනය කිරිම සදහා ජර්මනියේ එයාර් බස් සමාගම හෙළිකොප්ටර් යානා 24 ක ආයෝජනයක් සිදු කිරීමට මෙහිදී පොරොන්දු විය. දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාව සදහා ගිලන් රථ 1050 ක් සහ හදිසි ආපදා රථ 240 ක් ලබාදීමට ඛෙන්ස් සමාගම මෙහිදී පොරොන්දු වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඉන්දීය රජය විසින් දැනට ශ්‍රී ලංකාවෙි ක්‍රියාත්මක කර ඇති ගිලන් රථ සේවාව මගින් ජනතාවට විශාල සේවාවක් ඉටු වෙයි. ඒ ආකාරයට ජනතාවට නොමිලයේ ගිලන් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ජර්මනිය ලබාදෙන සහයෝගය අගය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කලේය. මෙම ආයෝජනය අඩු පොලී අනුපාතයක් යටතේ සිදුවන බවත්, එය කඩිනමින් ආරම්භ කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. 

මෙවැනි සේවාවක් ක්‍රියාත්මක කිරීම සදහා මතුව ඇති අවශ්‍යතාවය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා ජර්මන් නියෝජිතයින් දැනුවත් කළ අතර, ඊට ඔවුන්ගේ ප්‍රසංසාව හිමි විය. මෙම ගිලන් රථ සේවාව සදහා අවශ්‍ය මානව සම්පත ශ්‍රී ලාංකිකයින්ගෙන් ලබාගැනීමටත්, ඔවුන්ට අවශ්‍ය පුහුණුව ජර්මනියේ දී ලබා දීමටත් ඛෙන්ස් සමාගම එකඟත්වය පළ කර ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad