ආපදා තත්ත්වයෙන් මිය ගණන 193 දක්වා ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 30, 2017

ආපදා තත්ත්වයෙන් මිය ගණන 193 දක්වා ඉහළට

නායයාම් සහ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 193 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 94 දෙනෙකු අතුරුදන්ව ඇති අතර 112 දෙනෙකු තුවාල ලබා ඇති බව එම මධ්‍යස්ථානය පැවසී ය.
මේ වන විට වර්ෂාපතනයත් සමඟ ඇති වූ ජල ගැලීම් සහ නායයාම් හේතුවෙන් පවුල් 149,678 ට අයත් පුද්ගලයින් 5,75,816 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
රත්නපුර දිස්ත්‍රීක්කයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 79 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 26 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
කළුතර දිස්ත්‍රීක්කයෙන් පුද්ගල මරණ 59ක් සහ පුද්ගල අතුරුදන් වීම් 53ක් වාර්තා වී තිබේ. මාතර දිස්ත්‍රීක්කයේ සිදුවූ මරණ සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 15 දෙනෙකු අතුරුදන්ව ඇති බව සඳහන්වේ.
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ මරණ 13ක් සහ අතුරුදන්වීම් 5ක්, හම්බන්තොට දිස්ත්‍රීක්කයේ මරණ 5ක්,  කෑගල්ල දිස්ත්‍රීක්කයේ මරණ 4ක් සහ ගම්පහ දිස්ත්‍රීක්කයේ මරණ 4ක් වාර්තා වී ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad