ප්‍රවීණ සිනමා විචාරකයකු, සාහිත්‍යධරයකු මෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ සුනිල් මිහිදුකුල මහතා අද (30) පෙරවරුවේදී අභවප්‍රාප්ත වී තිබේ. පවුලේ සාමාජිකයෙකු සඳහන් කළේ ටික කාලයක සිට රෝගී තත්ත්වයෙන් පසුවූ ඔහු අද (30) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී මිය ගිය බව ය.
සුනිල් මිහිදුකුල මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජූනි මස 01 වන බ්‍රහස්ප්‍රතින්දා දින සවස රුක්මලේ පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු සිනමා කලාව හා විචාරය පිළිබඳ ඉමහත් දායකත්වයක් දැක්වූ අතර 1978 දී ගුණසිරි සිල්වාගේ කර්තෘත්වයෙන් එළි දුටු “සකුරා” පුවත්පතට මුල්ම ලිපිය ලියාපළ කොට ඇත.
1995 දී මුල්වරට ලේක්හවුස් ආයතනයට පැමිණි සුනිල් මිහිදුකුල මහතා, ඊට පෙරාතුව ප්‍රේම් දිසානායක සංස්කරණය කළ රසඳුන, විචිත්‍ර කලා පත්තරවල සේම උදය තෙන්නකෝන් සංස්කරණය කළ “තිර තරු“ සහ අර්නස්ට් වඩුගේ සංස්කරණය කළ “රස“ පත්තරවලින් ද මම අත්දැකීම් සම්භාරයක් ලබා තිබේ. කලක් සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ ඔහු පසුව සිළුමිණ පුවත්පතේ ‘රසඳුන“ සංස්කාරකවරයා ලෙසද කටයුතු කර තිබේ.
තිස් වසරක පමණ කාලයක් පුවත්පත් කලාවේ නිරතවූ ඔහු “ රුක්මණී දේවි නිළිය ගායිකාව සහ ජනප්‍රිය සංස්කෘතිය“,“ මහගම සේකර ගේ තුං මං හන්දිය විමසීමක්“, “කඩවුණු පොරොන්දුව සහ මිනර්වා චිත්‍රපට සම්ප්‍රදාය“, “ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සිංහල සිනමාව“,“මාර්ටින් වික්‍රමසිංහ සහ සිංහල චිත්‍රපට විචාරය“, “ජයවිලාල් විලේගොඩ ගේ තෝරා ගත් සිනමා විචාර“, “සිනමාවට හැදින්වීමක්,ඉන්දීය සිනමාවේ දහ තුන් වැනි භාෂාව“, “විශ්ව කීර්තිධර නාට්‍යකරුවෝ“,“උත්තම පුරුෂ ඒක වචන“,“මහාචාර්ය සරච්චන්ද්‍ර නාට්‍යාවලිය“, “පර්යායලෝකය,“ “පික්චර් පිස්සා,“ “ලෝකයේ ශ්‍රේෂ්ඨ සිනමා නිර්මාණ“ ආදී ග්‍රන්ථ රාශියක් සම්පාදනය කර තිබේ.

No comments:
Post a Comment