මීතොටමුල්ල කුණු කන්ද නායයෑමේ සිද්ධියට සම්බන්ධව නගර සභා ආඥා පනතට අනුව වගකිව යුත්තන්ට නඩු පැවරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙයි.නගර සභා ආඥා පනතට අනුව මේ සිදුවීම
නොසැලකිලිමත්භාවය මත පදනම් වූ අනියම් මිනීමැරුම් චෝදනාවක් ලෙස එල්ල කළ හැකි බව ජවිපෙ මධ්‍යම කාරක සභික, නීතිඥ සුනිල් වටගල පවසයි.
දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය අනුව නොසලකා හැරීම, මරණ සිදුකිරීම වසර 5ක සිර දඬුවමකට යටත්ව දඬුවම් ලැබිය හැකි වරදක් බව පවසන වටගල මහතා පෙන්වා දෙන්නේ මීතොටමුල්ල කුණු කන්ද ව්‍යසනයක් වන බවට දැනුම් දී තිබියදීත් නොසලකා හැරීම ඉහත කී ආකාරයට දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.
එක් අවස්ථාවක එම කුණු කන්ද ගිනි ගැනීම, දෙවැනි අවස්ථාවේ ගංවතුර තත්ත්වයත් සමඟ කොළොන්නාව ප්‍රදේශය යටවීම හා පසුගිය අප්‍රේල් 12දා අදාළ ස්ථානය ඉරිතළා යෑම ආදී අවස්ථා තුන මඟ හරිමින් අදාළ බලධාරීන් කටයුතු කිරීම නොසැලකිලිමත්භාවයෙන් කළ ක්‍රියාවක් බව ඒ මහතා පවසයි. එම නිසා අදාළ සිද්ධියට සම්බන්ධව නඩු පැවරීමට නීති උපදෙස් ලබාගැනීම ආරම්භ කර ඇති අතර මේ වනවිටත් ජනාධිපති නීතිඥවරුන් කිහිපදෙනකු මුණගැසී සාකච්ඡා කළ බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.
(අනුරාධා හේරත්)
Friday, April 21, 2017
නොසැලකිල්ල නිසා සිදුවූ කුණු කන්දේ මරණවලට වගකිවයුත්තන්ට නඩු දානවා - ජවිපෙ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment