කැබිනට් සංශෝධනයේ දී තමා දැනට දරන ධුරයෙන් ඉවත් කළහොත් පසුපෙළෙහි අසුන් ගන්නා බවත් ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇතැම් රහසිගත දේවල් හෙළි කිරීමට තමා පියවර ගන්නා බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අග්‍රාමාත්‍යවරයා හමුවී ප්‍රකාශ කර ඇත.
එමෙන්ම සරත් ෆොන්සේකා මහතාට එජාපයේ උපනායක තනතුරක් ලබා දීමට දරන ප්‍රයත්නය සම්බන්ධයෙන් ද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් අගමැතිවරයාට විරෝධයක් එල්ල වී ඇති බවත් සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය මාර්තු මාසයේ සිට මුදල් ඇමැති ධුරය සහ විදේශ අමාත්‍ය ධුරවල මාරුවක් සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබුණි. එයට බලපෑ මූලිකම හේතුව වූයේ මුදල් ඇමැති රවී කරුණානායක මහතාට එල්ල වී තිබූ චෝදනාය. මෙරට ආර්ථිකය බරපතළ අර්බුදකාරිත්වයකට ලක් කළ බවට සහ පිළිගත් මූල්‍ය නීති රීතිවලට එපිටින් ගොස් ඔහුගේ හිතවත් ව්‍යාපාරිකයන් වෙත වැඩි වශයෙන් සැලකීමට යාම සම්බන්ධයෙන් ඇමැතිවරයාට චෝදනා රැසක් එල්ල වී තිබුණි.
කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට රවී කරුණානායක සිය තීරණය දැනුම් දීමත් සමඟ ඇමැති ධුර සංශෝධනය කල් ගොස් තිබේ. කැබිනට් සංශෝධනය මෙම මස 26 වන දින සිදු කිරීමට මීට පෙර ජනාධිපතිවරයා තීරණය කර තිබිණි.
මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී එක්සත් ජාතික පක්ෂයේ සහ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ගැටුමක් හටගෙන ඇත. ඊට හේතු වී ඇත්තේ ජනාධිපතිවරයාට හිතෙන හිතෙන ආකාරයට මන්ත්‍රී ධුර වෙනස් කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කිරීමය. එහි දී නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ මේ රටේ ජනතාව බලය ලබා දී ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බැවින් විධායකයට තීරණ ගැනීමේ බලයක් ඇති බවටයි.
එසේම මෙම එජාප මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයෙහි අරමුණ ඇමැති මණ්ඩල සංශෝධනය කල් යාම කෙරෙහි නැඟෙන විරෝධය යටපත් කිරීම බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මීට අමතරව එජාපය තුළ සිදු කිරීමට නියමිතව තිබූ නිලතල වෙනස ද එනම් සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂයේ උපනායක තනතුර පිරිනැමීම ද කල් යමින් පවතියි. එම වෙනස සිදු කිරීමට නියමිතව තිබුණේ පක්ෂයේ දැනට පවතින උපනායක තනතුරු සංඛ්‍යාව වැඩි කිරීමෙනි.
එහෙත් මීට විරුද්ධ වෙමින් විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකශ කර ඇත්තේ ඇමැතිකම පවා අත්හැර පැමිණි තමන් සහ තවත් පුද්ගලයන් සිටිය දී ඡන්ද පදනමක් නොමැති සරත් ෆොන්සේකාට උපනායක තනතුරක් ලබා දීමේ පදනමක් නොමැති බවයි. එවැනි තීරණයක් ගතහොත් තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වන බවට ඔහු පවසා ඇතැයි වාර්තා වේ. මේ තත්ත්වය තුළ කැබිනට් සංශෝධනය දින නියමයක් නොමැතිව කල් ගිය බව ද දැනගන්නට තිබේ.
සිතාරා කුලරත්න
සත්හඬ
Sunday, April 30, 2017
Home
දේශපාලන පුවත්
ඇමතිකම ගැලෙවුවොත් සියළු රහස් හෙලි කරනවා.. අගමැති රනිල්ට ඇමති රවීගෙන් තර්ජන.. ඇමති විජේදාසත් ගර්ජන දමයි..
ඇමතිකම ගැලෙවුවොත් සියළු රහස් හෙලි කරනවා.. අගමැති රනිල්ට ඇමති රවීගෙන් තර්ජන.. ඇමති විජේදාසත් ගර්ජන දමයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment