තෙල් සේවක වර්ජනය සමග රටම ගොනාට අදී.. ඉන්දියාවේ පැකේජයට අනුමැතිය ගෙන අගමැති ඉන්දියාවේ.. ත‍්‍රිකුණාමලය තෙල් ටැංකිත් ඈවරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 27, 2017

තෙල් සේවක වර්ජනය සමග රටම ගොනාට අදී.. ඉන්දියාවේ පැකේජයට අනුමැතිය ගෙන අගමැති ඉන්දියාවේ.. ත‍්‍රිකුණාමලය තෙල් ටැංකිත් ඈවරයි..

පසුගිය දා දිවයින පුරා ඛණිජ තෙල් බෙදාහැරීම අඩාල කරමින් ඛණිජ තෙල් සේවකයෝ වර්ජනයකට සහභාගි වූයේ ආණ්ඩුව සතු ත්‍රිකුණාමල වරායේ පිහිටි වටිනා තෙල් ටැංකි සමූහය සහ එය පිහිටා ඇති අක්කර 500 ක් පමණ ඉතා වටිනා භූමිය ඉන්දියාවේ අයි ඕ සි සමාගමට දීමට විරුද්ධව ය.

එහෙත් අගමැතිවරයා තෙල් ඇමති චන්දිම වීරක්කොඩි ඇතුලු ඛණිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එකමුතුව සමඟ පැවති සාකච්ඡාවේදි අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූයේ අනිවාර්යයෙන්ම් ඒ සම්බන්ධව ගනු ලබන ඕනම තීරණයක් ඛණිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ඇතුලත්ව කමිටුවක් මගින් සාකච්ඡා කිරීමෙන් පසුව සිදු කරන බවයි.

එසේ පොරොන්දු වී පැය 24 ක් යාමට මත්තෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි ඉන්දියාව ලබාදීමට නියමිත ආයෝජන අවස්ථාව ලැයිස්තුවේ ත්‍රිකුණාමල තෙල් ටැංකි ඇතුළු භූමිය වසර 50 සිට 99 දක්වා බදු දීමට තීරණය කොට ඇති බවට අන්තර්ජාලයේ මාධ්‍ය වාර්තා පලවෙයි.

ඊට අමතරව විදුලි බලාගාර, මහාමාර්ග, දුම්රිය ඇතුලු අවශ්‍ය ඕනම අයෝජනයක් සඳහා ඉන්දියාවට ප්‍රමුඛත්වයක් දී කටයුතු කිරිමට එම අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමැතිය ලබාදිමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉන්දියාවේ අගමැතිවරයා හමු වී සාකච්ඡා කිරීමට නියමිත බවද එහි සදහන්ය.

– FB

No comments:

Post a Comment

Post Bottom Ad