මේ දිනවල රට තුළ උණ රෝගය බහුලව පැතිරෙමින් පවතින බවත් ඒ අතර පැතිර යමින් පවතින වෛරස් උණ රෝගය, ඩෙංගු උණ හා ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය සඳහා දිවයින පුරා "ටැමිෆ්ලු" නමැති ඖෂධයේ හිඟයක් පවතින බව වාර්තා වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.
එම ඖෂධය බෙහෙත් ගබඩාවල තිබෙන බවත්, හිඟයක් නොපවතින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළත්, දිවයිනේ රෝහල් කිහිපයකින්ම එම ඖෂධය නොමැති බවට ඊයේත් වාර්තා වූ බව සඳහන් කළ වෛද්‍ය සොයිසා, රෝගීන් සිටින්නේ බෙහෙත් ගබඩා තුළ නොව, රෝහල්වල බැවින් අමාත්‍යාංශය සතුව තිබෙන බව පවසන එම ඖෂධය රෝහල් වෙත යැවීමට සෞඛ්‍ය ඇමැතිවරයා වගබලාගත යුතු බවද සඳහන් කළේය.
රෝගීන්ගේ ජීවිත අහිමිවීමට ඉඩ නොතබා මෙම අත්‍යවශ්‍ය ඖෂධය සියලුම රෝහල් වෙත ලබාදී ඇද්ද යන්න පිළිබඳ සෞඛ්‍ය ඇමැතිවරයා සිය ස්ථාවරය රට හමුවේ තැබිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍ය නවීන් ද සොයිසා මේ බව පැවැසීය.
වෛද්‍ය සංගමයේ කතා බොරු...
කෙසේවෙතත් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සදහා ලබාදෙන 'ටැමිෆ්ලු' ඖෂධයේ කිසිදු හිඟයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේය. ‘ටැමිෆ්ලු‘ ඖෂධය භාවිතා කරන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සදහා පමණක් බවත් එය ඩෙංගු සහ වෛරස් උණ රෝගීන් සදහා භාවිතා නොකරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.
මෙම ‘ටැමිෆ්ලු‘ ඖෂධය ලබාදෙන්නේ අත්‍යාවශ්‍යම රෝගියෙකුට විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත පමණි. තව ද මෙම ඖෂධය බෙදාහරිනු ලබන්නේ වසංගත රෝග ඒකකයේ සෘජු අධීක්ෂණය යටතේ වන අතර, රෝහල්වලට ලබාදී ඇති ඖෂධ පාවිචිචි කරන ප්‍රමාණයට අනුරූපව නැවත කඩිනමින් ප්‍රතිපුර්ණය කරනු ලැබෙන බව ඒ මහතා පෙන්වා දෙයි.
මේ වනවිටත් රෝහල් වලට අවශ්‍ය පරිදි සහ එම රෝහල්වලින් කර ඇති ඉල්ලීම් පරිදි ‘ටැමිෆ්ලු‘ ඖෂධය ප්‍රමාණවත් පරිදි රෝහල් වෙත ලබා දී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය. තවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ‘ටැමිෆ්ලු‘ ඖෂධයේ හිඟයක් ඇති බවට කරන චෝදනාව සම්පුර්ණ අසත්‍යයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඖෂධ හිඟයකින් තොරව රෝහල්වලට ලබාදෙන ලෙස නියෝග කර ඇති බවත්, එම උපදෙස් පරිදි හිඟයකින් තොරව එම ඖෂධ ලබාදීමට කටයුතු කර ඇති බවත් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

No comments:
Post a Comment