මෛත්‍රීගේ නියෝගය නොතකා රනිල්ගෙන් නියෝගයක්   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 5, 2017

මෛත්‍රීගේ නියෝගය නොතකා රනිල්ගෙන් නියෝගයක්  

මෛත්‍රීගේ නියෝගය නොතකා රනිල්ගෙන් නියෝගයක්  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කර ඇති නියෝගය වෙනුවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙනත් නියෝගයක් ලබා දුන් සිද්ධියක් පිළිබඳ රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව පෞද්ගලික ආයතන මඟින් සිදුකරනු ලබන ප්‍රචාරක කටයුතු සහ සන්දර්ශන සඳහා ජාතික කෞතුකාගාර පරිශ්‍රය ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයා කර ඇති නියෝගයට එරෙහිව යමින් කෞතුකාගාරයේ සන්දර්ශනවලට අවසර ලබාදෙන ලෙස අගමැතිවරයා උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය නොවන සංවිධාන හා පෞද්ගලික අංශය සඳහා කෞතුකාගාර පරිශ්‍රයේ ප්‍රචාරක කටයුතු සහ සන්දර්ශනවලට අවසර ලබාදීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස අගමැතිවරයා අදාළ අංශ වෙත ලිඛිත දැනුම්දීමක් කර ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.

එමෙන්ම එම ක්‍රමවේදය සැකසීම පිණිස කමිටුවක් පත්කර ඇති අතර එයට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ අගමැතිවරයා විසින් නම් කරන ලද අයකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.

මේ කමිටුව පත්කර ඇතත් මේ වනතුරු එම ක්‍රමවේදයන් සකසා අවසන් කොට නැතැයි සංස්කෘතික අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පැවසී ය.

 

 

 

 

-මව්බිම-

No comments:

Post a Comment

Post Bottom Ad