“මට කරන්න කිසිම දෙයක් තිබ්බේ නෑ. රජයෙන් මට සළකන විදිහ වෙනස් “හිරුණිකා මීතොටමුල්ල ගැන කියූ ආන්දෝලනාත්මක කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 27, 2017

“මට කරන්න කිසිම දෙයක් තිබ්බේ නෑ. රජයෙන් මට සළකන විදිහ වෙනස් “හිරුණිකා මීතොටමුල්ල ගැන කියූ ආන්දෝලනාත්මක කතාව

මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් අනතුරුව ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ඒ පිළිබඳව මාධ්‍යට අදහස් දක්වා තිබෙනවා.

සිද්ධියෙන් සති දෙකකට පමණ පසුව ඊයේ (26) අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී ඇයගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ මීතොටමුල්ල ජනතාව බැලීමටවත් නොපැමිණියේ ඇයිද යනුවෙනුයි.

“රජයක් පත්වුණා කියලා එක එක පුද්ගලයාට රජය ඇතුලේ සළකන විදිහ වෙනස්. රජයේ කට්ටිය ඉන්නවා මාව හිර කරන්න බලාගෙන. මං කොහෙහරි ගියත් මට පැත්තකට වෙලා ඉන්න කියලා දොස් කියනවා, මම ඇත්තටම ගොඩක් කණගාටු වෙනවා ඒ ජනතාව වෙනුවෙන් කරන්න කිසිම දෙයක් තිබ්බේ නෑ. රැස්වීමකට ගියත් අහනවා ඇයි එයාව ගෙන්නුවේ කියලා. ඒ වගේ ගොඩක් බලපෑම් තිබ්බා මට.” යනුවෙන් ඇය පවසා තිබෙනවා.


 

No comments:

Post a Comment

Post Bottom Ad