පසුගිය කාලයේ වැඩි වශයෙන් කතාබහට ලක්වුණු චරිතයක් තමයි යසාරා අබේනායක කියන්නේ. ඉතින් යසාරාගේ සැමියා ෆාසිල් මරිජා රගර් ක්‍රීඩාවෙන් සමුගැනීමට තිරණය කරලා තියෙනවා. ෆාසිල් කියන්නේ ශ්‍රි ලංකා රගර් කණ්ඩායමේ හිටපු නායකයෙක්.
යසාරා මේ ගැන සිය ෆේස්බුක් ගිණුමේද සඳහන් කර ඇත්තේ “ෆාසිල් මරීජා ජාතික වගකීමෙන් විශ්‍රාම ගැනීමට තීරණය කරයි” යනුවෙන්. ක්‍රීඩා ලෝලීන්නම් කියන්නේ යසාරා මව්පදවිය ලැබීමට සිටින නිසා ක්‍රීඩාවෙන් සමුගන්න ෆාසිල් තීරණය කරලා කියලා.
2003 සිට ෆාසිල් මරිජා ශ්‍රි ලංකා රගර් කණ්ඩායම නියෝජනය කරන අතර කිංග්ස්වුඩ් විදුහලෙන් බිහිවූ විශිෂ්ට රගර් ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් වසර 14ක් ක්‍රීඩා කොට ඇති ෆාසිල් ලබන මැයි මස මැලේසියාවේ පැවැත්වෙන ආසියානු 15 සාමාජික රගර් ශූරතාවලියෙන් පසුව රගර් ක්‍රීඩාවට සමුදීමට තිරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීම සඳහා මෙම තීරණය බලපා ඇති බවත් ඔහු කියලා තියෙනවා. රට වෙනුවෙන් ජයග්‍රහණ රැසක් ලබා දුන් ෆාසිල් හට විශ්‍රාම ගැනීමෙන් පසු ක්‍රීඩා පරිපාලනයෙන් ආරාධනාවක් ලැබුනහොත් නම් පුහුණුකරුවකු ලෙස තමන්ගේ උපරිම දායකත්වයට ලබා දීමට හැකි බවත් ඔහු සඳහන් කරලා තියෙනවා.
Thursday, April 27, 2017
යසාරාගේ සැමියා හදිසියේ රග්බි පිටියට සමුදුන්නේ ඇයි – හේතුව මෙන්න
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment