පාර්ලිමේන්තු ගැබේ එල්ලා ඇති මහා පහන කඩා වැටේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 5, 2017

පාර්ලිමේන්තු ගැබේ එල්ලා ඇති මහා පහන කඩා වැටේ..

ශ‍්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සභා ගර්භය මධ්‍යයේ ඉහලින් වහලයේ එල්ලා ඇති අධි බරකින් යුතු විශාල විදුලි පහන ඊයේ දිනයේ හදිසියේම පහලට ඇද වැටී පොලවට අඩි දෙකක් තුනක් පමණ තිබියදී නතර වී ඇත.

මෙම පහනේ නඩත්තු කටයුතු සදහා සාමාන්‍යයෙන් මසකට වරක් විදුලි මෝටර් හා කේබල් මාර්ගයෙන් බිමට ගන්නා අතර ඉන් පසු නියමිත උස මට්ටමෙන් නැවත සවි කරනු ලබයි. ඉයේ දිනයේ නඩත්තු කටයුතු අවසන් කිරීමෙන් පසු නැවති තිබූ ස්ථානයේ රැදවීමට යාමේදී පහන පහලට විත් පොලවට අඩි දෙකක් පමණ උසින් නතර වී ඇත.


කෙසේ වෙතත් සේවා අංශ විසින් වහා ක‍්‍රියාත්මක වී නියමිත ස්ථානයෙන් පහන ඔසවා තබා ඇත. අදාල කටයුතු නිම වන තුරු කිසිවෙකුට සභා ගැබට ඇතුළුවීමට ඉඩ ලබා නොදුනි.

No comments:

Post a Comment

Post Bottom Ad