මීතොටමුල්ල කුණු කන්ද නාය යාමට ඉඩ ඇති බව විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු පසුගියදා හෙළිකර තිබූ බව වාර්තා වනවා.ඒ ආචාර්ය අනුරුද්ධ කරුණාරත්නයි. අරනායක සාමසර කන්දටත් වඩා භයානක අයුරින් මෙය නාය හැකි බව විද්‍යාත්මක කරුණු මගින් සනාථ වී ඇතැයි ඔහු පෙන්වා දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතකට ද ඔහු ලිපියක් සපයමින් බලධාරීන්ගේ අවදානය යොමු කර තිබුණද කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගත් බවයි වාර්තා වන්නේ.

No comments:
Post a Comment