“මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් මිය ගිය පිරිස 23ක් තවත් 20ක් යට වෙලා ඉන්නව කියල විශ්වාස කරනව. ඒ අයගෙ සිරුරු 20 ගොඩ ගන්න බැරිවෙයි. අඩි 40ක් යට තමයි ඒ 20ක පිරිස යට වෙලා තියෙන්නෙ. මේ වෙද්දි හමුදාව සහන කටයුතු අවසන් කරලයි තියෙන්නෙ.“ යැයි මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ව්‍යාපාරයේ සංවිධායක නීතිඥ නුවන් බෝපගේ මහතා බීබීසීය සමග සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් පවසනවා.
මෙම කුණු කන්දේ ප්‍රශ්නය නොවිසඳීමට හේතුව කුණු කන්දෙන් දේශපාලඥයින් පිරිසක් අධික ලෙස මුදල් ඉපයීම බවද ඔහුගේ අදහසයි. මින් රුපියල් මිලියන 200ක් පමණ දේශපාලඥයින් උපයන බව බීබීසීය වෙත අදහස් දක්වමින් බෝපගේ මහතා අනාවරණ කරනවා. ඒ බැවින් මෙම කුණු ප්‍රශ්නයට නිසි විසඳුමක් ලබාදීම දේශපාලන අධිකාරිය විසින් පැහැර හැර ඇති බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ.
“කුණු ගොඩේ බෝතල් එකතු කරන්නෙ මන්ත්‍රීලගෙ ගෝලයෝ. කොළොන්නාව නගර සභාවෙ සමහර මන්ත්‍රීලට කුණු ලොරි තියෙනව. ඔවුන්ට මේ කුණු කන්දෙන් ලාභ ලබනව. නැත්නම් මොකද ඇහැට පෙනෙන නහයට දැනෙන මේ ප්‍රශ්නය නොවිසඳන්නෙ“
Sunday, April 16, 2017
කුණු කමින් ජීවත්වන දේශපාලඥයින් කුණු කන්දෙන් කෝටි 20ක් උපයන බවට හෙළිදරව්වක් (VIDEO)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment