ඉතින් සිංහල අවුරුද්දට මොකද කලේ?
ස්වර්ණවාහිනියයි, ශ‍්‍රී එෆ් එම් එකයි, කරපු ස්වර්ණ ශ‍්‍රී වසන්තය අවුරුදු උත්සවය තිබුනේ නුවර කුන්ඩසාලේ. ඒකට ගියා. කලා ලෝකයේ සහෝදර කලාකරුවෝ කලාකාරිනියන් එක්ක එදා මුඵ දවසෙම හොඳට විනෝද වුනා. ඒක හරි විනෝදෙන් ගත කරපු දවසක්.
කොහේ ගියත් අම්මා එක්කමයි ගමන නේද?
අම්මා තමයි මගේ ආත්මීය හෙවනැල්ල. මගේ හදවතෙත් ආත්මයෙත් ලොකුම කොටස ඇය. අම්මාගේ ආදරය රැකවරනය මට හැමදාම ඕන වෙයි.
හැමදාම අම්මගේ තුරුල්ලට වෙලාමද ඉන්න කල්පනාව?
මං කිව්වේ අම්මා තමයි මගේ ආදරේ උල්පත.
එතකොට පිටින් ආදරයක්?
ඒ ගැන නම් දැනට කියන්න බෑ. ඉදිරියෙදි බලමු. දැනට මං තාම තනිකඩයි.
ඒ වුනාට ඔයාගේ ආදරය දිනා ගන්න ගොඩක් අය බලං ඉන්නවා නේද?
එහෙම වෙන්නත් පුඵවන්. ගොඩක් අය මට ආදරය කරනවා වෙන්න පුඵවන්. ඒත් මට ගොඩක් ආදරය කරන අය හිටියට මං ආදරේ එක්කෙනාටයි.
එතකොට ඒ එක්කෙනා කවුද කියලයි අපි අහන්නේ?
මං කිව්වේ තාම ඒ එක්කෙනා මට මුණගැහුනේ නෑ කියලා. නැති කෙනෙක් ගැන කියන්නේ කොහොමද.
මතු දවසක ඔයාගේ පෙම්වතා නළුවෙක් වේවිද? රසිකයෙක් වේවිද?
නළුවද, රසිකයාද කියන එක වැදගත් නෑ. වැදගත් වෙන්නේ ආදරය. මට ආදරය කරන කෙනෙක්ට මං ආදරේ කරයි හදවතින්ම ඉදිරියේදි
එතකොට එයා සල්ලිකාරයෙක් වෙන්න ඕන නැද්ද?
දෙන්නට දියුණුවෙන්න උවමනාවක් තියනවා නම් උත්සායක් තියනවා නම් සල්ලි හොයා ගන්න පුඵවන්. ජීවිතයට සල්ලි වලට වඩා අවබෝධයයි ආදරයයි වැදගත්.
දැන් උපාධියේ වැඩ ඉවරද?
ඔව් එංගලන්තේ හිටියේ උපාධිය සම්පූර්ණ කර ගන්න. දැන් ඒක ඉවරයි.
එංගලන්තේ සුද්දෙක් පෙම්වතා කර ගත්තේ නැත්තේ මොකද?
මං හදවතින්ම ශ‍්‍රී ලාංකිකයි.
මේ රටේ හැමෝගෙම ආදරේ ඔයාට ලැබෙන්නේ කොහොමද?
වයස් බේදයකින් තොරව හැමෝම මට ආදරේ කියලා මං දන්නවා. කොහේ ගියත් හැමෝම එක්ක නිහතමානිව කතාබහ කරන නිසා වෙන්න ඇති ඒ ආදරය මට ලැබෙන්නේ.
ඉක්මනින් පෙම්වතියක් වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?
අනේ මන්ද. ඒක මගේ දෛවය තීරණය කරයි.
ඇත්තටම ඔයා තාම තනියෙන්ද?
ඔව් සත්තයි. මං තාමත් තනිකඩයි.

No comments:
Post a Comment