රෝගීන්ගේ ඩී.එන්.ඒ පරික්ෂාවෙන් පසු ඖෂධ දීමේ සැලසුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 14, 2017

රෝගීන්ගේ ඩී.එන්.ඒ පරික්ෂාවෙන් පසු ඖෂධ දීමේ සැලසුමක්

රෝගීන්ගේ ඩී.එන්.ඒ පරික්ෂාවෙන් පසු ඖෂධ දීමේ සැලසුමක්

රෝගීන්ගේ ඩි.එන්.ඒ පරික්ෂා කර බලා ඒ අනුව ඖෂධ නියම කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තමන් අනුමැතිය ලබාදුන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ පිළිබදව  ඇමරිකාවේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් පර්යේෂණ සිදුකර ඇති අතර, එම පර්යේෂණවල ප්‍රගතිය මත මෙම වැඩපිළිවෙල රෝහල්වල දියත් කිරීමට අනුමැතිය ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ අනුව පිළිකා රෝගීන් සදහා පළමුව එම ප්‍රතිකාර ක්‍රමය ආරම්භ කිරීමට නියමිතය. එම ප්‍රතිකාර ක්‍රමය මගින් පිළිකා රෝගීන්ට ජීවත්විය හැකි කාලය සියයට 84 දක්වා වැඩි කිරිම තම අපේක්ෂාව බව අමාත්‍යවරයා සදහන් කරයි.

තෙල්දෙනිය මුලික රෝහලේ පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad