මැයි දිනයෙන් පසු එකවිට තනතුරු අත්හරින ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු පිරිසක් සන්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා හෙළිකර සිටිනවා. හෙතෙම් මේ බව පැවසුවේ අප කළ විමසීමක දී.
Q:මැයි රැලියෙන් පස්සෙ මොකද වෙන්නේ?
A: “ මේ මැයි රැලියෙන් පස්සේ අගෝස්තු මාසය සැප්තැමිබර් මාසය වන විට ආණ්ඩුවට සම්බන්ධ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරු දරන කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත් වෙලා තනතුරු අතහැරීමට සුදානමක් තියන බව අපි වගකීමෙන් යුක්තව ප්‍රකාශ කරනවා.” “බරපතල ලෙස අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරෙයි. අපේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ නිසා, අපි දෙගොල්ලො අතරෙ යහපත් සුහඳතාවයක් සාකච්ඡා වෙමින් තියෙනවා. අපි අපේම වෙච්ච අපේම ආණ්ඩුවක් අපි සකස් කර ගැනීමට, තියන සුළු සුළු මතභේද දුරලා එකතු විය යුතුයි කියන ඒ මතෙන් අපි සාකච්ඡා කරමින් පවතිනවා....."
Q: සාකච්ඡා සාර්ථක වෙලා තියෙනවද?
A: “සාකච්ඡා සාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම බොහෝ දුරට බස්නාහිර පළාතට සම්බන්ධ අය සබරගමුවට සම්බන්ධ ඇමතිවරු ඒ වගේම මැද රටට සම්බන්ධ ඇමතිවරුන් සමඟ බොහෝම සුහද සාකච්ඡා කරල අපි යම් එකඟතාවයන්ට ඇවිදින් තියෙනවා.” “ස්ථීර වශයෙන්ම අගෝස්තු මාසයෙන් පස්සෙ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් ගණනාවක් එකවිට තනතුරු අත්අරිනවා.”
Q:ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුධාරීන්ද?
A: “ඔව්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් විදියට ආණ්ඩුවට සම්බන්ධ වෙලා තනතුරු දරන තනතුරුධාරීන්.”
Thursday, April 27, 2017
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු ගණනාවක් එකවිට තනතුරු අත් හරියි?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment