බක් මාසයි. බක්මහ කුමරියන් ද තැනින් තැන මතුවෙන කාලයක්. බොහෝ තරුණියන් බලාගෙන ඉන්නේ මේ කාලය එනකන් තමයි. කෙල්ලන්ට එක එක්කෙනා ලස්සනයි ලස්සනයි කියන රූපය අරගෙන ගිහිල්ලා ගමේ කොල්ලන්ගේ විසිල් සද්දය මැද්දේ වේදිකාව උඩ වටයක් දෙකක් කැරකිලා එන්න තියෙන්නේ පුදුම ආසාවක්.
මේත් ගමේ අවුරුදු කුමරිය තරඟයකදී බක්මහ අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳි තරුණියකගේ කතාවයි. ඇය සමාජයේ මිනිසුන් ගරු කරන වෘත්තියක් කරන රජයේ සේවිකාවක්. අවුරුදු නිවාඩුවට ගෙදර ගොස් සිටි ඇයට ගමේ අවුරුදු උත්සවයේ අවුරුදු කුමරිය තරඟයට ඉදිරිපත්වන ලෙස අසල්වාසීන් යෝජනා කර සිටිනවා. ඒ ගැන දෙවරක් නොසිතා ඊට සහභාගී වන්න ඇය තීරණය කර ඇත.
ඇය ඒ වනවිට පෙම්වතියක්. එම ප්‍රේමයටද වසර 5කට ආසන්න ඉතිහාසයක් තිබෙන බවයි පැවසෙන්නේ. ඇගේ මේ තීරණය ගැන ඇය පෙම්වතාට පවසනවා. නමුත් පෙම්වතා ඇයගේ වෘත්තියේ ගරුත්වය රැකගන්නා ලෙස පවසමින් ඊට විරුද්ධ වී ඇත. පෙම්වතාගේ පැහැදිලි කිරිම පිළිගත් මේ තරුණිය එම අදහස වෙනස් කරගත් බව පවසා තිබෙනවා.
නියමිත දිනයේ අවුරුදු උත්සය නැරඹීමට ගිය ඇය ගෙදර එන්නේ බක්මහ අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳ ලොකුවට ඔතලා දීපු තෑග්ගකුත් අරගෙනයි. පෙර දිනයේ අදහස වෙනස් කරගත් බව පැවසුවත් ඇය කර ඇත්තේ බොරුවක්. ඒ වනවිට කවුරු අකමැති වුවත් තමා එම තරඟයට සහභාගී වන බව අධිෂ්ඨාන කරගෙන හමාරය. තරුණියන්ගේ සැබෑ ස්වරුපය එයයි.
තමන්ගේ ආදරණිය පෙම්වතාටත් බොරු කියා ඇය සහභාගී වූ තරඟයෙන් ඇයට තෑගී ලෙස ලැබී ඇත්තේද රුපියල් 5000ක් පමණ වටිනා මුළුතැන්ගෙයි උපකරණයකි. වෙනත් අවුරුදු උත්සවල අවුරුදු කුමරියට විශාල වටිනාකමින් යුතු තෑගී හිමිවුවත් ඇයට එම ත්‍යාගය ලැබී ඇත්තේ දෛවයේ සරදමකට බවයි වැටහෙන්නේ. අවසානයේ ඇඟේ සෑම ජයග්‍රහනයකදීම ඇයත් සමඟ සතුට බෙදාගත් පෙම්වතා එක්ක කිරුළ හිමිවීමේ සතුට බෙදා ගැනීමට ඇයට නොහැකි වෙලා තිබෙනවා.
තමන් ආදරය කරන කෙනෙකුගේ සතුට නැතිකරලා තමන්ගේ සතුට විඳින්න ගියාම මේ වගේ දේවල් වෙන එකත් පුදුමයක් නම් නෙමෙයි. මෙවැනි කතා අද සමාජයේ සුලබව අසන්නට ලැබෙන දෙයක් වෙලා හමාරයි. මෙය කොළඹින් දුර පළාතක සිදු වූ සත්‍ය පුවතක් බවයි වාර්තා වන්නේ.
Thursday, April 27, 2017
Home
ඕපාදුප
රුපියල් 5000ක තෑග්ග වෙනුවෙන් අවුරුදු 5ක ප්‍රේමයට පයින් ගසා ගිය රූමත් අවුරුදු කුමරියගේ කතාව
රුපියල් 5000ක තෑග්ග වෙනුවෙන් අවුරුදු 5ක ප්‍රේමයට පයින් ගසා ගිය රූමත් අවුරුදු කුමරියගේ කතාව
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment