මීතොටමුල්ලේ සමේ රෝගයක් පැතිර යයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 18, 2017

මීතොටමුල්ලේ සමේ රෝගයක් පැතිර යයි..

මීතොටමුල්ල ප්‍රදේශයේ මේ වන විට සමේ රෝගයක් පැතිර යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම රෝගය මර්දනය කිරීම සඳහා මේ වන විටත් ජංගම වෛද්‍ය සායන කීපයක්ම එම ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර අවශ්‍ය තරම් ඖෂධ එම ප්‍රදේශයේ මධ්‍යම බෙහෙත් ශාලාවන් තුළ පවතින බවද එම සංගම පවසයි.


තවදුරටත් වසංගත රෝගයන් ව්‍යාප්ත වන්නේ නම් වෛද්‍යවරුන් 40 දෙනකුගෙන් යුත් සංචිතයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත මුදා හැරීමට සූදානමින් සිටින බවත් එම සංගමය කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad