එ ජා ප මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පාරේ පිස්සු කෙලියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 27, 2017

එ ජා ප මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පාරේ පිස්සු කෙලියි

පුද්ගල තරාතිරම නොබලා රථ වාහන නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට උපදෙස් දූන්නේ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. හේ තමන්වද එම නීතියට යටත් බව පවසන්නට අමතක නොකළේය.

රටේ නායකයා ලෙස එවන් කතාවක් කීමට කොන්ද කෙළින් වීම පැසසිය යුත්තකි. නමුත් දැන් පවතින ප්‍රශ්නය වන්නේ එය යථාර්ථයක් වී ඇත්ද යන්නයි. කොහොමත් මේ රටේ නීතිය සෑම පුරවැසියෙක්ටම අදාළව එක හා සමානව ක්‍රියාත්මක නොවීම පිළිබඳව එදත් ප්‍රශ්නයක් විය. අදත් එය එලෙසම සාකච්ඡාවට බඳූන් වී තිබේ. දේශපාලන බලය සහිත පුද්ගලයන්ට නීතිය එක එක ආකාරයට නැවීම අභාග්‍ය සම්පන්න තත්ත්වයකි. ඔවුන්ට නීතිය අදාළ නොවීම ඊට වඩා බරපතල කාරණයකි.

ඊයේ
දීන (25- එක්සත් ජාතික පක්ෂයේ බදූල්ල දීස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාගේ සුඛෝපභෝගී ජීප් රථය මාර්ග නීතිය අතට ගෙන ගමන් කළ ආකාරය අපට දැක ගන්නට ලැබුණි. මාර්ග නීති උල්ලංඝනය කරමින් වලං කඩේට පැන්න ගොනා සේ රිය පදවන්නේ දේශපාලන රැකවරණය නිසාය. මෙම ජීප් රථය ධාවනය වූයේ නුගේගොඩ සිට පිටකෝට්ටේ දක්වා වන ප්‍රධාන මාර්ගයේය. මෙම මාර්ගයද ඉතා කාර්යබහුල මාර්ගයකි. මෙවන් හැසිරීම් තුළ අනතුරු සිදූ වුවත් එයද දේශපාලන හයිය නිසාම සාක්ෂිත් නැත. නීතිය යකාටය.




උපුටා ගැනීම : Gossip99.com

No comments:

Post a Comment

Post Bottom Ad