විමල්ගෙන් ඓතිහාසික කතාවක් ලඟදීම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 14, 2017

විමල්ගෙන් ඓතිහාසික කතාවක් ලඟදීම

විමල්ගෙන් ඓතිහාසික කතාවක් ලඟදීම

ඒකාබද්ධ විපක්‍ෂය ගාලුමුව‍ෙදාර පිටියේදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියේදී ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ඓතිහාසික කතාවක් පැවැත්වීමට සූදානම් බව ජාතික නිදහස් පෙරමුණේ ආරංචි මාර්ග පවසයි.

"වැඩබිම, ගොඩබිම, මවුබිම සුරකින නොනවතින අරගලය" යන තේමාව යටතේ පැවැත්වෙන එම මැයි රැලියේදී කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් පැහැදිලි කරමින් වත්මන් ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත් නිසා ඇති වී තිබෙන ජනතා අභියෝග සහ ඒවාට මුහුණ දෙන ආකාරය පිළිබඳව සුවිශේෂී කතාවක් සිදුකරනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මාස 03ක පමණ කාලයක් සිරගත වී සිට නිදහස් වී පැමිණි වීරවංශ මහතා ප්‍රසිද්ධ වේදිකාවක ජනතාව ආමන්ත්‍රණය කරන පළමු අවස්ථාව එය වන නිසා එම දේශනය ඓතිහාසික එකක් වනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad