අට ලක්‍ෂයේ විදුලි කාරය වෙළද පොලට කිලෝමීටරයක වියදම 3.50යි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 15, 2017

අට ලක්‍ෂයේ විදුලි කාරය වෙළද පොලට කිලෝමීටරයක වියදම 3.50යි

කැප්ලා මෝටර් ඉන්ඩස්ට්‍රීස් හි සභාපති කේ.ටී. කපිල ද සිල්වා මහතා අද දෙරණ Biz 24×7 සම්මුඛ සාකච්ඡාව හා එක්විය. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන අලුත්ම ඉලෙක්ට්‍රික් මෝටර් රථය පිළිබඳ මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු රැසක් කපිල ද සිල්වා මෙහිදී හෙළි කළේය.

මෙය ධාවනයේ දී වැය වන පිරිවැය කිලෝ මීටරයක් සඳහා රුපියල් 3.50 ක් පමණක් බව පැවසූ කපිල ද සිල්වා මහතා මෙම මෝටර් රථය රුපියල් ලක්ෂ 8 ක මිලකට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් දැනටමත් ගැනුම්කරුවන් 200 ක් පමණ දෙනා මෙය මිල දී ගැනීමට ලියාපදිංචි වී සිටින බවත් වැඩිදුරටත් කියා සිටියේය.

තව නොබෝ දිනකින් මෙම මෝටර් රථය වෙළෙඳපොළට එක්ක්ව වීමට නියමිතය.

මෙම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය...

No comments:

Post a Comment

Post Bottom Ad