සරසවිවලට ඇතුළත් වීම අඩුවෙයි - ශිෂ්‍ය පුරප්පාඩු පිරවීමට ක්‍රමයක් නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 7, 2017

සරසවිවලට ඇතුළත් වීම අඩුවෙයි - ශිෂ්‍ය පුරප්පාඩු පිරවීමට ක්‍රමයක් නෑ

සරසවිවලට ඇතුළත් වීම අඩුවෙයි - ශිෂ්‍ය පුරප්පාඩු පිරවීමට ක්‍රමයක් නෑ

විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරෙන ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වෙමින් පවතින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා පැවසීය.

ප්‍රවේශ අවස්‌ථාව ලබා විශ්වවිද්‍යාලවල ලියාපදිංචි නොවන සිසුන් වෙනුවට වෙනත් සිසුන්ට ඉඩ ලබාදීමේ නිශ්චිත ක්‍රමවේදයක්‌ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නොමැතිවීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

මේ නිසා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ අපේක්‍ෂාවෙන් සිටින දරුවන්ට බරපතළ අසාධාරණයක්‌ සිදුවන බව ලේකම්වරයා ප්‍රකාශ කළේය.

නව අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කිරීමේ කටයුත්ත මේ වන විට අවසන් නමුත් සියලු විශ්වවිද්‍යාලවල ඒ ඒ පීඨයන්හි තවදුරටත් පුරප්පාඩු පවතින බව ද ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සොයා බැලීමක්‌ හෝ නොකරන බව ද පරාක්‍රම මහතා වැඩිදුරටත් පැවසීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad