ඇමති ආරක්ෂක අංශයේ SSPට මාරුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 18, 2017

ඇමති ආරක්ෂක අංශයේ SSPට මාරුවක්

ඇමති ආරක්ෂක අංශයේ SSPට මාරුවක්

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 06 දෙනෙකු ස්ථානමාරු කර ඇතැයි පොලීසිය පවසයි.

සේවයේ අවශ්‍යතාව අනුව පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඒ අනුව  ඇමති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ජේ පලිහක්කාර මහතා මන්නාරම කොට්ඨාසයටත් පොලිස් අධිකාරී ජී.කේ.ජේ අපෝන්සු මහතා ඇමති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙසත් පත්කර තිබේ.

පොලිස් අධිකාරී ඒ.එස්.පී.සී. වෙදමුල්ල මහතා මොණරාගල කොට්ඨාසභාර පොලිස් අධිකාරීවරයා ලෙස ස්ථාන මාරුකර ඇති බව පොලීසිය පැවසුවේය.

පොලිස් අණදෙන තොරතුරු කොට්ඨාසයේ සිටි  සහකාර පොලිස් අධිකාරී ටී.ඒ.එච් නිශ්ශංක මහතා රත්නපුර කොට්ඨාසය වෙත මාරුකර ඇති අතර පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ රාජකාරී කළ පොලිස් පරීක්ෂක එල්.ඩී.එස් පෙරේරා මහතා වැඩබලන ස්ථානාධිපති 118 ජාතික උපකාරක මැදිරිය/ නිතීය සහ සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය වෙත ස්ථානමාරු කර තිබේ.

ලග්ගල පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක යු.එම්.ජේ.බඩ්ලිව්.කේ අමරසිංහ මහතා ලග්ගල පොලිස්ථානාධිපති ලෙසත් පත් කර ඇති  බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad