දික්වැල්ල වෙනුවෙන් අගමැති රනිල් පෙරමුණේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 21, 2017

දික්වැල්ල වෙනුවෙන් අගමැති රනිල් පෙරමුණේ


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් අද (21) පැනවූ තරග තහනමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත්
කරන්නැයි අගමැති
රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට උපදෙස් දී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත්වීමෙන් දික්වැල්ලගේ තරග තහනම සම්බන්ධ යම්කිසි සහනයක් ලබාගැනීමට නියමිතය එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
දකුණු අප්‍රිකාව සමග පැවැති තරගාවලියේ දී දකුණු අප්‍රිකා ක්‍රීඩක රබාඩා සමග ඇති කරගත් ගැටුම හා පසුගියදා පැවැති ඕස්ට්‍රේලියාව සමග දෙවැනි විස්සයි විස්ස තරගයේ දී දික්වැල්ලට ලැබුණු විනිසුරු තීරණයට අකමැත්ත පළ කිරීම යන කරුණු හේතුවෙන් එක් විස්සයි විස්ස තරගයක් හා එක් එක්දින තරගයක් තහනම් කිරිමට අයිසීසීය අද (21) නියෝග කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad