ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන්ද ඕස්ටේ්‍රලියාව පරදා ජයගෙන තරගාවලියද ජයගැනීමට ශ්‍රී ලංකාවට වැඩි දායකත්වයක් ලබාදුන් අසේල ගුණරත්නගේ ඉනිම පිළිබඳ විචාරකයන්ගේ මෙන්ම ක්‍රීඩකයන්ගේද විවිධ මත පළ වී ඇත.
ඒ නිසාම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජිලෝ මැතිව්ස්ගෙන්ද අසේලගේ එම විශිෂ්ට පිතිහරඹය ගැන විමසන ලදුව මැතිව්ස් කියා සිටියේ ලෝක ක්‍රිකට් පිටියේ මෙතෙක් තමන් දුටු හොඳම ක්‍රිකට් පිතිහරඹයන් තුන අතරට අසේලගේ ඉනිම ඇතුළත් යැයි තමන් සලකන බවයි.
මේ මොහොත වන විට ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට සුදුසුම හා හොඳම ක්‍රීඩකයන් තෝරාගෙන ඇතැයි පැවැසූ ශ්‍රී ලංකා නායකයා zඕනෑ වෙලාවක තරගයක් වෙනස් කරන්න පුළුවන් ක්‍රීඩකයන් කණ්ඩායමක ඉන්න ඕනෑ. එහෙම බැලූවාම දැන් විස්සයි-20 කණ්ඩායමකට සුදුසු ක්‍රීඩකයෝ අපට ඉන්නවා. අසේල ගැන කියනවා නම් ඔහු හුඟාක් කල්පනා කරලා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. දේශීය තරගාවලියන් සෑහෙන කාලයක් ක්‍රීඩා කරලා හොඳට පදම්වෙච්ච ක්‍රීඩකයෙක්. ලකුණු 40ට කඩුලූ 5ක් වැටිල අපිට දිනන්න බැහැ කියන තැනක සිට කණ්ඩායම ජයග්‍රහණය තෙක්ම ගෙන ආවා. මෑත කාලයේ මම දුටු හොඳම පිතිහරඹය අසේලගේ ඉනිමයි. කතා දෙකක් නැහැ ඒක අති විශිෂ්ට ඉනිමක්˜ යනුවෙන් පැවැසීය.
තවද මෙවන් හොඳම කණ්ඩායමක් තෝරා ගැනීම සම්බන්ධව එහි ගෞරවය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට හිමි විය යුතු බවද පැවැසූ මැතිව්ස් තවදුරටත් කියා සිටියේ, ''එදා දෙවැනි තරගයේදී කඩුලූ 5ක් දැවිලා අසීරු තත්ත්වයෙන් සිටි ශ්‍රී ලංකා පිලට 6 වැනි කඩුල්ල වෙනුවෙන් අසේල සමඟ කපුගෙදර දැක්වූ දක්ෂතාවන් අමතක කරන්න හොඳ නැහැ. ඔවුන් දෙදෙනා ලකුණු 50කට වැඩි සබඳතාවක් තැබීමත් අසේලට යම් දිරිගැන්වීමක් වුණා. කොහොම වුණත් කවුරුත් නොහිතපු වෙලාවක අසේලගේ එම දක්ෂතාවන් ගැන කවුරුත් දැනගත්තා'' යනුවෙනි.
කෙසේ වෙතත් තම පාදයේ ආබාධය තවමත් සම්පූර්ණයෙන්ම සුව වී නැති බවත් සති 4කට වරක් නැවතත් පරීක්ෂා කිරීමේ පදනම මත වෛද්‍යවරුන් අද දිනයේදීද ඔහුව පරීක්ෂණයකට භාජන කිරීමට නියමිත බවත් මැතිව්ස් ඊයේ පැවැසීය. තවද මෙසේ ජයග්‍රාහී ගමනක් යන ශ්‍රී ලංකා පිලට යළිත් නායකත්වය දීමට ඉක්මනින්ම අවස්ථාව ලැබේවායි යන ප්‍රාර්ථනයටද ඔහු සිනහව මුසුවූ ප්‍රතිචාරයක්ද දැක්වීය.
Tuesday, February 21, 2017
මම දැකපු හොඳම ඉනිම තුනෙන් එකක් ඇන්ජිලෝ මැතිව්ස් කතාකරයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment