පොලිසියේ නවතම රහස් අවිය මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 17, 2017

පොලිසියේ නවතම රහස් අවිය මෙන්න

පොලිසියේ නවතම රහස් අවිය මෙන්න

ශ්‍රී ලංකා පොලිසියේ සියලු නිලයන්හි පොලිස් නිලධාරීන් උදෑසන රාජකාරි ආරම්භ කිරීමට පෙර මෛත්‍රී භාවනාව සහ ආනාපානසති භාවනාව වඩන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උපදෙස් දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

උදෑසන 8.00 ට සියලු නිලධාරීන් ප්‍රථමයෙන් මිනිත්තු තුනක් ආනාපානසති භාවනාව කළ යුතු බවටත්, ඉන් පසු මෛත්‍රී භාවනාව කළ යුතු බවටත්, නැවතත් ආනාපානසති භාවනාව කර භාවනාව අවසන් කළ යුතු බවටත් පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

පොලිස්පතිවරයා මෙම නියෝගර කර ඇත්තේ ඊයේ (15) පොලිසියේ උසස් නිලධාරීන් සඳහා පැවැති විශේෂ රැස්වීමකදී ය. 

ඊට සහභාගී වූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කියා ඇත්තේ තම ධුර කාලයේ යම් යම් රාජකාරිමය අතපසුවීම් සිදුවූ බවයි. 

ඒ ගැන කණගාටු වන බව කියා ඇති පොලිස්පතිවරයා වැඩ රාජකාරි අතපසුවීම වළක්වා ගැනීමට සියලු පොලිස් නිලධාරීන් උදෑසන භාවනා කළ යුතු බව පෙන්වා දී තිබේ.

මෙම පුවත විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා සියළු දේ සඳහා භාවිත කරන රහස් අවිය ලෙස භාවනාව යොදාගෙන ඇති බවයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad