ගූගල් බැලූන් ලංකාවට ගෙන ආ කෝටිපතිට ලොකු පුටුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 17, 2017

ගූගල් බැලූන් ලංකාවට ගෙන ආ කෝටිපතිට ලොකු පුටුවක්

ගූගල් බැලූන් ලංකාවට ගෙන ආ කෝටිපතිට ලොකු පුටුවක්

ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ තානාපති ලෙස චමත් පළිහපිටිය මහතා පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත් වීම සිදු කරනු ලැබීය.

පළිහපිටිය මහතා ලෝකයේ බොහෝ අධි තාක්ෂණික සමාගම් වලට තෝතැන්නක් වන ඇමරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ බෝක්ක ප්‍රදේශයේ දකුණු කොටස හෙවත් ලොව සුප්‍රසිද්ධ “සිලිකන් වැලි“ ප්‍රදේශයේ කෝටිපතියන් අතරට එක්වූ ශ්‍රී ලාංකිකයෙකි.

හෙතෙම ලොව ප්‍රකට Facebook සමාගමේ කීර්තිමත් විධායක නිළධාරීවරයෙකු ලෙස කටයුතු කර පසුව ප්‍රබල ආයෝජකයෙකු බවට පත්ව මහා ධන කුවේරයෙකුව බවට පත්වූ අයෙකි.

ශ්‍රී ලංකාවේ ඉපදුණු චමත් පළිහපිටිය දරුවා ඔහුගේ දෙමව්පියන් විසින් අවුරුදු හයේදී කැනඩාවට රැගෙන ගොස් තිබෙන අතර 2001 වසරේදී ඔහු ඇමරිකානු මාධ්‍ය සමාගමක් වන AOL හි සේවයට බැඳෙමින් පළමු රැකියාවට පිවිස ඇත.

ගූගල් බැලූන් ව්‍යාපෘතිය ලංකාවට පැමිණියේද චමත් පලිහපිටිය හරහායි.

No comments:

Post a Comment

Post Bottom Ad