හිටපු ඇමති දෑත් එක්‌කර උසාවියේදී පොලිසියෙන් සමාව ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 21, 2017

හිටපු ඇමති දෑත් එක්‌කර උසාවියේදී පොලිසියෙන් සමාව ගනී

හිටපු ඇමති දෑත් එක්‌කර උසාවියේදී පොලිසියෙන් සමාව ගනී

බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටා ඇති බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභාවේ ආරක්‌ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ නිලධාරියකුට සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාවට වරද පිළිගත් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර ඊයේ (20) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී එම පොලිස්‌ නිලධාරියාට දෑත් එක්‌කොට ආචාර කර සමාව ගත්තේය.

පැමිණිලිකරුගේ එකඟතාව මත මන්ත්‍රීවරයා එසේ ආචාර කොට සමාව ගැනීමෙන් අනතුරුව පැමිණිල්ල සමථයකට පත් කර ගැනීමට ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් බණ්‌ඩාර මහතා දෙපාර්ශ්වයටම අවසර දුන්නේය.

කුරුඳුවත්ත පොලිසිය මඟින් ගොනු කර තිබූ චෝදනා කියවා සිටි අවස්‌ථාවේදී මන්ත්‍රීවරයාගේ වරද පිළිගැනීම සැලකිල්ලට ගත් මහෙස්‌ත්‍රාත්වරයා පැමිණිල්ල සමථයකට පත් කර ගැනීමට පැමිණිලිකරු එකඟතාව පළ කිරීම මත ඔහුට දැත් එක්‌කොට ආචාර කර සමාව ගන්නා ලෙසට මන්ත්‍රීවරයාට දන්වා සිටියේය. 

බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටා ඇති බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභාවේ ආරක්‌ෂක රාජකාරියේ යෙදී සිටි කිරුළපන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක උපාලි සමරසිංහ මහතා තල්ලු කර දමමින් "අපි මහජන නියෝජිතයෝ අපිට යන්න අවසර තියෙනවා. ඒක නවත්වන්න කාටවත් බෑ." යනුවෙන් පවසමින් සාපරාධී බලහත්කාරය පෑමෙන් දඬුවම් ලැබිය යුතු වරදක්‌ සිදු කර ඇති බවට මන්ත්‍රීවරයාට එරෙහිව මෙහි චෝදනා ගොනු කොට තිබිණි.

සමාව ගැනීමෙන් පසුව මන්ත්‍රීවරයා පැමිණිල්ලෙන් මුදා හරින ලෙසට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad