යුද ජයග්‍රහණයේ අයිතිය ගැන කරුණා අම්මාන් සියල්ල හෙළි කරයි (VIDEO)  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 21, 2017

යුද ජයග්‍රහණයේ අයිතිය ගැන කරුණා අම්මාන් සියල්ල හෙළි කරයි (VIDEO) 

යුද ජයග්‍රහණයේ අයිතිය ගැන කරුණා අම්මාන් සියල්ල හෙළි කරයි (VIDEO) 

කොටි සංවිධානය පරාජය කිරීමේ යුධ ජයග‍්‍රහණයේ මුල් ගෞරවය හිමිවිය යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බව හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.

ඔහු මේ බව අනාවරණ කළේ ඊයේ(20) රාත්‍රී දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට එක්වෙමිනි.

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වීමට පෙරද වසර ගණනාවක් ෆොන්සේකා මහතා යුද හමුදාවේ රාජකාරි කල බවත් එම කාලයේදී කොටි පරදන්නට ෆොන්සේකා මහතාට හැකියාවක් තිබූ බව ඔහු පෙන්වා දුන්නේය.

එකල තමන්ද කොටි සංවිධානයේ කටයුතු කල බවද කී කරුණා අම්මාන්  කිසි කලෙක ෆොන්සේකා විසින් කොටි සංවිධානය පරාජය වන තරමේ ප‍්‍රහාරයක් එල්ල නොකල බවද පැවසීය.

යුද ජයග්‍රහණයේ අයිතිය කාටද හිමිවිය යුතුද යන්න එහිදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ යුද ජයග‍්‍රහණයේ හමුදාපතිවරුන්ටද සියළු හමුදා සෙබළුන්ටද යම් ගෞරවයක් ලැබිය යුතු වුවද සේනාධිනායකයා ලෙස හිටපු ජනාධිපතිවරයා අති මහත් දෙස් විදෙස් පීඩනය හමුවේ නොසැලී ඊට නායකත්වය දුන් නිසා යුද්දය ජය ගැනීමට හැකියාව ලැබූ බවද ඔහු පැවසී ය.

එහි ගෞරවය අනිවාර්යයෙන්ම දිය යුත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට බවත් යුරෝපා ඇතුළු විදෙස් රටවලින් යුද්දය නවත්වන ලෙස බලපෑම් පැමිණියද එල්ටීටීඊය ඉවර කළ යුතුයැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සෘජු තීරණ ගත් බවත් පැවසූ කරුණා අම්මාන් තමාද යුද්දය ජයග්‍රහණය පිටුපස සිටි බවත් සඳහන් කළේය.

එම වැඩසටහනේ වීඩියෝව පහතින්,

සම්පූර්ණ වැඩසටහන පහතින් 

No comments:

Post a Comment

Post Bottom Ad