අමෙරිකානු විශේෂ දූත පිරිසක් දිවයිනට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 21, 2017

අමෙරිකානු විශේෂ දූත පිරිසක් දිවයිනට

අමෙරිකානු විශේෂ දූත පිරිසක් දිවයිනට

අමෙරිකාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ (20) රාත්‍රියේ 16 දෙනෙකුගෙන් යුත් අමෙරිකානු විශේෂ නියෝජිත කණ්ඩායමක් දිවයිනට පැමිණි බව වාර්තා වෙයි. 

අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ තෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී මණ්ඩල ප්‍රජාතන්ත්‍රික හවුලේ නියෝජිත පිරිසක් මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි.

2016 වර්ෂයේ සැප්තැම්බර් මස 14 වන දින ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර අත්සන් කරන ලද සහයෝගීතා ගිවිසුමට අනුව මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණ තිබේ.

මෙම නියෝජිත පිරිසේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ  මන්ත්‍රී මණ්ඩල ප්‍රජාතන්ත්‍රික හවුලේ සභාපති කොංග්රස් සභික පීටර් රොස්කැම් මහතා බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර ද්වීපාර්ශවික සහයෝගය වර්ධනය කරගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ.

මෙම අමෙරිකානු නියෝජිත පිරිස ජනාධිපති, අගමැති, විදේශ ඇමති, කතානායක ඇතුළු රජයේ ඉහළ පෙලේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට ද සැලසුම් කර ඇති බව අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ ය.

ඊට අමතරව ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සිවිල් සමාජ සාමාජිකයින් හමුවීමට ද සැලසුම් කර තිබේ

No comments:

Post a Comment

Post Bottom Ad