ඩුබායිහි ඉදිකරන්නට යන ලොව ප්‍රථම ඇඹරුණු බිල්ඩිම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 21, 2017

ඩුබායිහි ඉදිකරන්නට යන ලොව ප්‍රථම ඇඹරුණු බිල්ඩිම

ලෝකයේ විවිධ පුදුම ගෘහ නිර්මාණයන්ට ඩුබායි දේශය තෝතැන්නකි. කලකට පෙර උසම ගොඩනැගිල්ල, ලොව විශාලම මිනිස් නිර්මාණිත දූපත සහ විශාලතම සාප්පු සංකීර්ණය ඉදිවුනේ
ඩුබායිහිය.
සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී ඩේවිඩ් ෆිෂර් අඩි 1273 ක් උස තට්ටු 80 මේ නව

ගොඩනැගිල්ල නිර්මාණය කර තිබෙන්නේ ඇඹරුණ ආකාරයටය. 2020 වසරේදී වැඩ නිම කරන්නට නියමිත මෙය මහල් නිවාස සංකීර්ණයක් ලෙස පවත්වා යන්නට අපේක්ෂිතය.
මෙහි සියලුම තට්ටු වල තම තමන්ගේ නිවාස කොටස අසළට තමන්ගේ වාහනය නංවා ගැනීමේ පහසුකමද සලසා ඇතැයි කියැවේ.
එක් නිවාස ඒකකයක් ඩොලර් මිලියන 4 සිට 40 දක්වා වනු ඇත. වානේ ඇලුමිනියම් හා කාබන් ෆයිබර් ඇසුරෙන් මෙහි සැකිල්ල තනා ඇත.
මෙම ගොඩනැගිල්ල ඉදිරියේදී දිස්වන ආකාරය ග්‍රැෆික් සටහනකින් නිරූපණය වන වීඩියෝව පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad