මාධ්‍යවේදී කීත් නොයාර් පහර දුන් සැකකරුවන් තිදෙනාම රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 19, 2017

මාධ්‍යවේදී කීත් නොයාර් පහර දුන් සැකකරුවන් තිදෙනාම රිමාන්ඩ්

මාධ්‍යවේදී කීත් නොයාර් පහර දුන් සැකකරුවන් තිදෙනාම රිමාන්ඩ්

යුද පුවත් වාර්තාකරුවකු ලෙස කටයුතු කළ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදුකරන ලදැයි කියන සිද්ධියට අදාළව සිද්ධියෙන් වසර 09කට පසු අත්අඩංගුවට ගන්නා ලද යුද හමුදා මේජර්වරයකු ඇතුළු යුද සෙබළුන් තිදෙනෙකු ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියම කළේය. 

විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ(18) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලද මෙම තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කෙරිණි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad