තරුණයින්ගේ සිත් වසඟ කිරීමට සමත් සරාගී පෙනුමක් ඇති අක්ෂා සුධාරි කියන චරිතය අපි හිතනවටත් වඩා ශක්තිමත් චරිතයක්.
මොන ප්‍රශ්න ආවත් ඇය ඇයගේ ඉලක්කය වෙත කෙසේ හෝ ළඟාවීමට සෑම විටම ධෛර්යෙන් සහ කැපවීමෙන් යුතුව උත්සාහ කරනවා. එවන් ධෛර්යමත් හිතක් ඇති අක්ෂත් එක්ක පහුගිය දවසක අපි පොඩි කතාබහක නිරත වුනා.
1. ඔබේ නම මොකද්ද? - මගේ නම අක්ෂා සුධාරි. ගොඩක් අය ආක්ෂා කියලා කියනවා. ඒත් මම ආක්ෂා නෙමයි අක්ෂා.
2. ඔබේ පාසල - වත්තල ශාන්ත ආනා බාලිකා විද්‍යාලය.
3. ඔබේ වෘත්තිය? - මම වෘත්තීය රංගන ශිල්පි‚යක්. ඒ වගේම මම ව්‍යාපාරික කාන්තාවක්.
4. කලා ක්ෂේත්‍රයේ ඔබට ඉන්න හොඳම යාළුවා කවුද? මේනකා මධුවන්ති
5.ඔබට වයස අවුරුදු 50 ක් වෙනකොට ඔබ අත්පත්කරගන්න ඕනෙ කියලා හිතන්නෙ මොනවගේ ජීවන තත්වයක්ද? අවුරුදු 50 වෙනකොට මට ගොඩක් සල්ලි තියෙන්න ඕනෙ. ඒ වෙනුවෙන් මම දැන් ගොඩක් මහන්සි වෙනවා.
6. අක්ෂා විවාහ වෙන්නෙ කවදද? මට විවාහ වෙන්න දැන්ම අදහසක් නෑ.
7. තරුණියක් විවාහ විය යුතු වයස මොකක් කියලද අක්ෂා හිතන්නෙ? තරුණියක් විවාහ විය යුතු වයස මම දන්නෙ නෑ. ඒත් මම බඳින්නෙ මට ඕන වෙලාවට.
8. ඔබේ ජීවිතේ මුහුණ දුන්න අවාසනාවන්තම සිද්ධිය මොකද්ද? හ්ම්... ඔව්.. මම ලොකු අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දුන්නා. ඒත් මට ඒක ප්‍රසිද්ධියේ කියන්න බෑ. ඒක ප්‍රසිද්ධියේ කියන එක එච්චර සුදුසු නෑ. මොකද ඒක මගේ පෞද්ගලික ජීවිතේ ප්‍රශ්නයක්.
9. දෙතොල් සිපගැනීමේ දර්ශනයක් ඕනම නළුවෙක් එක්ක රඟපාන්න අක්ෂා කැමතියිද? නෑ.
10. සමලිංගික විවාහයන් ලංකාව තුළ නීතිගත කරනවට ඔබ එකඟද? ඔව්. සමලිංගික විවාහයන්ට නීතියෙන් අවසර දෙනවට මම එකඟයි.
11. විමල් වීරවංශ, හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ, නාමල් රාජපක්ෂ බුද්ධික පතිරණ කියන අයගෙන් කෙනෙක්ව අනිවාර්යෙන්ම විවාහ කරගන්න කියලා ඔබට යෝජනාවක් ආවොත් ඔබ කාවද තෝරගන්නෙ ? නාමල් රාජපක්ෂව තමයි ඉතිං.
12. ලංකාවේ නිළියකට ලබන්න පුළුවන් ඉහළම දේ විදිහට අක්ෂා හිතන්නෙ මොකද්ද? නිළියක් විදිහට අපි මොකක් හරි කලා නිර්මාණයක් කළාට පස්සෙ, ඒ ගැන රසික රසිකාවියන් ප්‍රශංසාත්මකව කතා කරන එක තමයි නිළියක් විදිහට ලබන්න පුළුවන් ලොකුම සතුට. ඉතිං නිළියක් විදිහට ලබන්න පුළුවන් ලොකුම දේ වෙන්නෙත් ඒ සතුට.
13. ඔබේ අනාගත ඉලක්කය මොකද්ද? ව්‍යාපාරික කාන්තාවක් විදිහට ස්ථාවර වෙන්න මම සූදානම්.
ලක්මිණ රණසිංහ
Thursday, February 23, 2017
සමලිංගික විවාහවලට අවසර දිය යුතුයි ආක්ෂා කියන කතාව මෙන්න
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment