ජනපති ශිෂ්‍ය සංගම්වලින් ඉල්ලීමක් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 16, 2017

ජනපති ශිෂ්‍ය සංගම්වලින් ඉල්ලීමක් කරයි

ජනපති ශිෂ්‍ය සංගම්වලින් ඉල්ලීමක් කරයි

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූවට සියලූ දෙනාට පිළිගත හැකි සාධාරණ විසදුමක් ලබාදෙන තුරු අධ්‍යාපනය කඩාකප්පල් කර නොගන්නැයි තමා සියලූ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම්වලින් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මේ වන විට රජය අදාළ සියලූ පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් ජනපතිවරයා පැවසීය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙම ගැටලූවට විසදුම් ලබාගැනීම සදහා ඉදිරිපත් කළ හැකි යෝජනා පිළිබදව මෙහිදී ශිෂ්‍ය සංගම් නියෝජිතයින් දීර්ඝ වශයෙන් තම අදහස් ඉදිරිපත් කළහ.

ශිෂ්‍ය සංගම්, පීඨාධිපතිවරුන්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව මෙන්ම මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පාලන අධිකාරිය ඇතුලු සියලූ පාර්ශවයෙන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව මෙම ගැටලූව විසදීමට ඉදිරියේදී රජය පියවර ගන්නා බව ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේය.

පසුගිය රජය සමයේ ද මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් තම විරෝධය පළ කළ බව පැවසූ ශිෂ්‍ය සංගම් නියෝජිතයින් පැවති රජයේ අවධානය ඒ කෙරෙහි යොමු නොවූ බවත් රටේ නිදහස් අධ්‍යාපනය  ශක්තිමත් කිරීම වෙනුවෙන් වත්මන් රජය මෙම ගැටලූවට සාධාරණ විසදුමක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් කියා සිටියහ.

ජනාධිපතිතුමා මේ පිළිබදව පසුගියදා රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ හා රජයේ දන්ත වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයින් සමග ද සාකච්ඡා කර අදහස් ලබා ගන්නා ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad