ශ්‍රී ලංකාවේ භුගෝලිය පිහිටිම අනුවත් අපේ රට දූපතක් වන බැවිනුත් ඕනම හදිසි අවස්ථාවකට මුහුණ දීමට රටක් වශයෙන් ජාත්‍යන්තර තත්ත්වයේ ගුවන් තොටුපොළ දෙකක අවශ්‍යතාවය මේ වනවිට හොදින් අවබෝධ වී ඇත්තේ මේ දිනවලදී කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළහි කරන අලුත් වැඩියා කටයුතු නිසා ය.
ඒ අනුව පසුගිය දින 42 තුල ගුවන් මගින් 29000 කට අධික මගින්ට පහසුකම් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා සපයා ඇති අතර මේ කාලය තුල ගුවන් වාර 284 ක් එම ගුවන් තොටුපොළ හරහා මෙහෙයවා ඇත. 1944 දි බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කොට තිබු කටුනායක ගුවන්තොටුපොල නිදහසෙන් පසු එනම් 1956 දි එස්.ඩබ්ලිව්. බණ්ඩාරනායක විසින් බ්‍රිතාන්‍යය රාජකීය ගුවන් හමුදාවන් පවරාගෙන ශ්‍රීලංකා රාජකීය ගුවන් හමුදාවේ පාලනයට නතුකලහ.
1964 දි එවකට සන්නිවේදන අමාත්‍යව සිටි අනිල් මුණසිංහ මැතිතුමා විසින් කැනේඩියානු රජයේ ආධාර මත රත්මලාන ගුවන් තොටුපොළ වෙනුවට කටුනායක ගුවන්තොටුපොල ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ගුවන් තොටුපොළ ලෙස සංවර්ධනය කලේය. ඒ අනුව එයාර් සිලොන් ගුවන් සේවාව 1967 දි තම ප්‍රථම ජාත්‍යන්තර ගුවන් ගමන කටුනායක ගුවන් තොටුපොළේ සිට ආරම්භ කරන ලදී.
ඉන් වසර 45 කට පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය තුල ශ්‍රීලංකාවේ දෙවෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හම්බන්තොට මත්තල ඉදිකල අතර ලොව විශාලතම ගුවන් යානවන A380 එයාර් බස් සඳහා පහසුකම් සැපයීමට මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සමතව ඇත. පසුගිය කාලයේ දේශපාලන වේදිකාවල මෙම ගුවන් තොටුපොළ සම්බන්ධව නොයෙකුත් විවේචන ඉදිරිපත් කල අතර මේ වනවිට එම ගුවන් තොටුපොළ ශ්‍රීලංකාවේ ආර්ථිකයට මෙන්ම අනාගත ඉල්ලුම සපුරාලීමට සමත් වී තිබීම මහින්ද රාජපක්ෂ යුගයේ ගත් වැදගත් තීරණයකි.
Wednesday, February 22, 2017
Home
දේශපාලන පුවත්
හොරුන් දෙවිවරු වෙති.. වී ගබඩාව අසමසම ගුවන් තොටක් වෙති.. මත්තල පිරී ඉතිරෙන ජනීජනයා මහින්දට පින් දෙති.. ඇමතිවරු සැගවෙති…
හොරුන් දෙවිවරු වෙති.. වී ගබඩාව අසමසම ගුවන් තොටක් වෙති.. මත්තල පිරී ඉතිරෙන ජනීජනයා මහින්දට පින් දෙති.. ඇමතිවරු සැගවෙති…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment