සැප අරන් සද්ද දාලා යන එස්.අයි මාට්ටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 2, 2017

සැප අරන් සද්ද දාලා යන එස්.අයි මාට්ටු

මීගමුව නගරය තුල ඇති සම්බාහන මද්‍යස්ථානයකි. එහි සේවය ලබා ගැනීමට එන යන ගැනුම්කරුවන් අතරේ මෙම ආයතනයේ සේවිකාවන්ට හුරු පුරුදු ගැණුම්කරුවෙකු ද සිටී. නිතර මෙයට යන එන ඔහු පොලිසියේ එස්.අයි කෙනෙකු බව ඔවුන් හොදටම දනී. එහෙත් ඔහු කිනම් පොලිසියක සේවය කරන්නේද යන්න ඔවුන් දන්නේ නැත. එස්.අයි රග පාන්නේ මීගමු පොලිස්ථානයේ සේවය කරන්නෙකු ලෙසය.

වෙනත් ගැණුම්කරුවන් මෙම ස්ථානයට පැමිණ රූමත් තරුණියන්ගෙන් ශරීර සුවතාවයේ කතාන්දරය ඉටු කර ගෙන අදාල මුදල ගෙවාගෙන යතත් මේ එස්.අයි කරන්නේ ඊට වඩා විරුද්ධ ක‍්‍රියාවකි. මට ඕනනම් අදම උඹලගේ මේ මසාජ් එක වහලා දාලා උඹලාව දවස් 14 කට ඇතුලට දාන්න පුඵවන්.

එලෙස පොලිස් පාට් එකේ උපරිම හයිකාරකම දක්වන එස්.අයි එකී තරුණියන්ගේ සේවයද සුවසේ වදගෙන කප්පම් මුදලක්ද රැගෙන පිටව යාම පුරුද්දක් ලෙස කරයි. ඊයේ ද ඔහු මෙයම කලේය. රූමත් තරුණියන්ගේ තුරුලේ සම්භාහන සුවය විදිමින් පැය කීපයක් ගත කල ඔහු කප්පම් මුදලක් සහ මත්පැන් බෝතලයක් ඉල්ලා අඩු පොලොවේ හැප්පුවේය. සම්භාහන හිමිකරුගේ ඉවසීමේ රතු කට්ට පැන්න තැන ඔහු තම සේවිකාවන් සමග එකතුවී එස්.අයි අල්ලා මීගමුව පොලිසියට භාර දුන්නේය.

දැන් එස්.අයි කවුදැයි යන්න පැහැදිලිය. මීගමුවේ පොලිසියක සේවය කරන බව පෙන්නුවද මෙම උප පොලිස් පරික්‍ෂකවරයා පුත්තලම පොලිස් කොට්ඨාශයට අනුයුක්ත දුෂණ මර්ධන ඒකකයක රාජකාරී කරන්නෙකි. මේ අපුරු එස්.අයි මේ වන විටි මීගමුව පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර අවසන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad