හයිබි‍්‍රඞ් නෝනා මාට්ටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 2, 2017

හයිබි‍්‍රඞ් නෝනා මාට්ටු

පසුගිය දිනක කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ විහාරස්ථානයකට පැමිණි ඉතාමත් රූමත් කාන්තාවකි. තුරුණු සිරුරේ හැඩ වඩාත් මතුවී පෙනෙන්නේ ඇය ඇද සිටින කෙටි ගවුමෙනි. හුදෙක් එය පන්සලකට ඇදගෙන යාමට සුදුසු තත්ත්වයේ ඇදුමක්ද නොවීය. බැලූ බැල්මට ඇය කෝටිපතිනියකි.

අපේ හාමුදුරුවනේ හම්බවෙන්නයි ආවේ. කාන්තාව හාමුදුරුවන් ලග වචන ගලපයි.
මොකද්ද අපේ නෝනා කාරනාව.
හාමුදුරුවන් කාරුණිකව කරුණු විමසයි.
අපි කෝටිපතියො අපේ හාමුදුරුවනේ. මගේ හස්බන්ඞ් නම් ලගදි මැරුනා.
දැන් හස්බන්ඞ් ගේ බිස්නස් බලාගන්න වෙලා තියෙන්නෙත් මට.
කාන්තාව දුක් ගැනවිල්ලක් සේ කියයි.
මහත්තයා ඉන්න කාලේ රටින් ගෙන්නපු ලක්සරි වාහන 200 ක් විතර යාඩ් එකක තියනවා. මං දන්න දන්න අයට ඒවා අඩු ගනන් වලට විකුණනවා.
මට හිතුනා අපේ හාමුදුරුවන්ටත් එයින් එක වාහනයක් විකුනන්න.
හාමුදුරුන්ටද වාහනයක අවශ්‍යතාවයක් නොතිබුනා නොවෙයි.
ලක්‍ෂ 20 සිට ලක්‍ෂ 40 දක්වා මිල ගණන් වලට ගත හැකි ලක්‍ෂ 80 ක් පමණ වටිනා වාහනයක් තමන්ට හිමි වීම වාසියක් බව හාමුදුරුවන් හිතයි.
අපේ හාමුදුරුවනේ වාහන ටික තියෙන්නේ පන්නිපිටියේ. හෙට ඇවිල්ලා සල්ලි ගෙවලා යන්න. අනිද්දට වාහනේ අරන් යන්න පුඵවන්

කාන්තාවගේ එකී කතාව හාමුදුරුවන්ගේ සිතට සැකයක් ඇති කරයි. හාමුදුරුවන් පසුවදා තමන්ගේ හිතවතුන් කීපදෙනෙකු සමග පන්නිපිටියට පැමිණෙන්නේ වාහනයට මුදල් ගෙවන මුවාවෙනි. පන්නිපිටියේ පිහිටි සාමාන්‍ය නිවසකදී කාන්තාව හාමුදුරුවන් සමග මෙම ගණුදෙනුව කිරීමට කතිකාකර ගෙන තිබුනි. හාමුදුරුවෝ පන්නිපිටියට එන්නේ ඒ වචන නිසාය. එහෙත් තියනවා කියු වාහන නම් දකින්නට නැත.

අද සල්ලි දීලා යන්න හාමුදුරුවනේ දැන් ඩොකියුමන්ට් සයින් කරන්නත් පුඵවන්.
හෙට උදේ මගේ සෙකට්ටි‍්‍රත් එක්ක යාඞ් එකට ගිහින් වාහනේ අරන් යන්න.
මේක අදම ඉවර කරන්න හාමුදුරුවනේ නැත්නම් යාඞ් එකට බිම් කුලී ගෙවන්න වෙනවා. කාන්තාව කියයි.
හාමුදුරුවන්ගේ සැකය වැඩිවෙයි.
වාහනේ බලන්නේ නැතුව අපි කොහොමද සල්ලි ගෙවන්නේ අපිට වාහන බලන්න ඕන.
කාන්තාව නිරුත්තර වන්නේ එවිටය. මෙය කාන්තාවගේ වංචා සහගත උප්පරවැට්ටියක් බව දැන් හාමුදුරුවෝ ඇතුඵ පිරිසට සක්සුදක් සේ පැහැදිලිය.

ගණුදෙනුව නොකර පිරිස මේ පිළිබද නීතිය දැනුවත් කරන්නේ ඉන් අනතුරුවය. මහා පරිමාණ වාහන ජාවාරමක් මේ දින වල රට පුරා සිදු වුනත් එක් ජාවාරමක් නීතියට හසුවන්නේ මේ ආකාරයෙනි. අදාල කාන්තාව මේ වන විට නීතියේ රැහැන හසුවී හමාරය. අඩු මිලට සුපිරි වාහන ලබා ගැනීමට බලා සිටින්නන් මේ ගැන අවධානයෙන් සිටීමට මේ තවත් එක් උදාහරනයකි.

No comments:

Post a Comment

Post Bottom Ad