ධම්මික පෙරේරා ස්වර්ණවාහිනියට ඉව අල්ලයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 2, 2017

ධම්මික පෙරේරා ස්වර්ණවාහිනියට ඉව අල්ලයි..

මෙරට අංක එකේ කෝටිපති ව්‍යාපාරිකයෙක් වන ධම්මික පෙරේරා ස්වර්ණවාහිනියේ මූලස්ථාන ගොඩනැගිල්ල මිලදී ගැනීමට සූදානම් වන බව අනාවරණය වෙයි. රුපියල් බිලියන 1.3ක මුදලකට මෙම ගොඩනැගිල්ල මිලදී ගැනීමට නියමිත අතර එය මිලදී ගැනීමට සූදානම් වන්නේ ධම්මික පෙරේරාට අයත් මූල්‍ය සමාගමක් වන එල්.බී. ෆිනෑන්ස් සමාගම හරහාය.

මේ වන විට එම මිලදී ගැනීමට අදාල මූලික සාකච්ඡා අවසන් කර ඇති බවත් අනාවරණය වෙයි. ස්වර්ණවාහිනිය පවත්වාගෙන යන ගොඩනැගිල්ල මිලදී ගැනීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 1.6ක ලන්සුවක් ඉදිරිපත් කර තිබේ. එහෙත් එයට ස්වර්ණවාහිනී පාලන අධිකාරියේ එකගතාව පළ කර නැත.

ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ සිදුවූ මුල්‍ය කඩාවැටීම් හමුවේ ස්වර්ණවාහිනිය ඇතුළු ව්‍යාපාර ඒකාබද්ධ කර තිබුණි. ස්වර්ණවාහිනිය මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝශියස් මිලදී ගන්නා බවට මීට පෙර වාර්තා පළවී තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad