මැති ඇමැතීන්ට විශේෂ වැඩමුළුවක්: මෛත්‍රී - චන්ද්‍රිකාත් යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 19, 2017

මැති ඇමැතීන්ට විශේෂ වැඩමුළුවක්: මෛත්‍රී - චන්ද්‍රිකාත් යයි

මැති ඇමැතීන්ට විශේෂ වැඩමුළුවක්: මෛත්‍රී - චන්ද්‍රිකාත් යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සඳහා විශේෂ වැඩමුළුවක් පවත්වා තිබේ.

වර්තමානයේ රටේ ආර්ථික තත්ත්වය පිළිබදව දැනුවත් කිරීම මෙම වැඩමුළුවේ අරමුණ වී ඇති අතර මීගමුවේ පැවති මෙම වැඩමුළුව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින් රැසක් ද සහභාගී වී තිබේ.

මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා සහ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා විශේෂ දේශන දෙකක් පැවැත්වු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad