තොරතුරු පනතින් රන්ජන් ඉල්ලූ තොරතුරු ලැබෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 17, 2017

තොරතුරු පනතින් රන්ජන් ඉල්ලූ තොරතුරු ලැබෙයි

තොරතුරු පනතින් රන්ජන් ඉල්ලූ තොරතුරු ලැබෙයි

තොරතුරු දැනගැනීමේ පනත ගැසට් කිරීමෙන් අනතුරුව සිදුකළ පළමු තොරතුරු ඉල්ලීමට අදාළ තොරතුරු අද (17) දින ලබා දීමට අමාත්‍යාංශ තොරතුරු නිලධාරිනිය කටයුතු කළාය.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත පළමු තොරතුරු ඉල්ලීම සිදුකළේ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසිනි.

තොරුතුරු ඉල්ලූ  පසු අදාළ තොරතුරු ලබාදිය යුත්තේ දින 14 ක් ඇතුළත වුවද නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලු තොරතුරු දින 04 ක් ඇතුළත ලබාදීමට එම අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරිනිය කටයුතු කළාය.

තොරතුරු අයිතිය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේදී සිදුකෙරිණි. 

එහිදී රංජන් රාමනායන නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත මෙම තොරතුරු ලබා දෙනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad