පොදු ස්ථානවල සුනඛයින් දමා යන්නන්ට 25000 ක දඩයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 17, 2017

පොදු ස්ථානවල සුනඛයින් දමා යන්නන්ට 25000 ක දඩයක්

සුනඛයන් හෝ සුනඛ පැටවුන් පොදු ස්ථානවලට ගෙනැවිත් දමන්නන් හට රුපියල් විසි පන්දහසක දඩයක් සහ මාස 6ක සිර දඬුවමක් ලබාදීමට නීති සකසන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.
අයාලේ යන සුනඛයන් පාලනය කිරීම සඳහා
විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට අමාත්‍ය උපදේශක මණ්ඩලයක් පත් කරමින් ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (16දා) එසේ පැවැසීය.

පළාත් පාලන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මේ අවස්ථාවට සත්ත්ව සුබසාධන සංගම් රැසක නියෝජිතයෝ සහභාගි වී සිටියහ.

අයාලේ යන සුනඛයන් පිළිබඳ ප්‍රශ්නය දිවයින පුරා පිහිටි සෑම පළාත් පාලන ආයතනයකටම විශාල ගැටලුවක් බවට පත්ව ඇතැයි අමාත්‍යවරයා එහිදී කීවේය.

පාසල්, රෝහල්, පොදු වෙළෙඳපොළ ආදී ස්ථානවල ගැවසෙන අයාලේ යන සුනඛයන් නිසා ජනතාව පීඩාවට පත් වන බවත් සුනඛ සංගම්වල සිටින කොළඹ හතේ නෝනලාට ඒ පිළිබඳ වැටහීමක් නැති බවත් අමාත්‍ය මුස්තාපා මහතා සඳහන් කෙළේය.

පොදු ස්ථානවලට සුනඛයන් හෝ සුනඛ පැටවුන් ගෙනැවිත් දමන්නන් හඳුනා ගැනීම සඳහා එම ස්ථානවල සීසීටීවී කැමරා සවි කිරීමට කටයුතු කරන බව අමාත්‍ය මුස්තාපා මහතා වැඩිදුරටත් පැවැසීය.
(සපුමල් ජයසේන)

No comments:

Post a Comment

Post Bottom Ad