සහල් පිළිබඳ පැමිණිලි 1977 ට කියන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 21, 2017

සහල් පිළිබඳ පැමිණිලි 1977 ට කියන්න

සහල් පිළිබඳ පැමිණිලි 1977 ට කියන්න

සහල් තොග සඟවා තබා ගැනීම, රජය නියම කළ පාලන මිලට වඩා වැඩි මිලට විකිණීම සහ රසායන ද්‍රව්‍ය අඩංගු සහල් විකිණීම ආදී වංචනික ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 1977 අංකයට දැනුම් දෙන ලෙස කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන් මහත පවසයි. 

එම දුරකථන අංකය පෙරවරු 7 සිට රාත්‍රී 10 දක්වා විවෘත බව හෙතෙම කියා සිටියේය.

දැනට මිල නියම කර ඇති පරිදි ආනයනික නාඩු කිලෝවක් රුපියල් 72, දේශීය නාඩු රුපියල් 80, ආනයනික කැකුළු රුපියල් 70, දේශීය කැකුළු රුපියල් 78, ආනයනික සම්බා රුපියල් 80 හා දේශීය සම්බා රුපියල් 90 යන පාලන මිලට පවතින බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා පැවසීය. 

No comments:

Post a Comment

Post Bottom Ad