ජාතියේ මහා පහන් ටැඹ කඩා වැටේ.. ඩොලර් බිලියන දෙකකට වැඩි මුදලක් වතුරේ… 13.25% පොලියට ණය ගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 23, 2016

ජාතියේ මහා පහන් ටැඹ කඩා වැටේ.. ඩොලර් බිලියන දෙකකට වැඩි මුදලක් වතුරේ… 13.25% පොලියට ණය ගනී..

රටේ මෑතකදී ඇති වී ඇති ආර්ථික අර්බුදය හමුවේ රුපියලේ අගය ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා ශ්‍රීලංකා මහා බැංකුවේ සමඟ ඇති කරගත් අවබෝධතාවය සහ වෙළෙඳපොලට ලංකා බැංකුව සතු ඩොලර් සංචිතයෙන් ඇ. ඩොලර් මිලියන 2000 කට ( බිලියන 2 කට වැඩි) ප්‍රාමාණයක් වරින් වර මුදාහැරීමට කටයුතු යෙදුහ.

ඒ අනුව මේ වනවිට රුපියල් 160 ද ඉක්මවීමට තිබු ඇ.ඩොලරය යම් ප්‍රමාණයකට පාලනය කොට ඩොලර්ය ඉහළ යෑම රුපියල් 152 දක්වා පාලනය කර ගැනීමට කෘතිමව රජයට හැකි වූවත් ඒ කාලය තුල රජය අපේක්ෂා කල අයෝජන හෝ විදේශීය මුදල් ශ්‍රීලංකාව බැරකිරීම් Foreign Remittances සිදු නොවීම නිසා රජය මූල්‍ය අර්බුදයේ කොටසක් ලංකා බැංකුවට කර ගැසීමට සිදු වී ඇත.

ලංකා බැංකුව රජය සතු වුවත් එය වානිජ බැංකුවක් වන අතර මේ නිසා ලංකා බැංකුව මේ දිනවල දරුණු මුල්‍ය හීනවන ද්‍රවසීලතාවයකට මුහුණ දෙමින් එදිනෙදා මුදල් ප්‍රාවාහයේ ඌනතාවයක් (Cash Flow Deficit) ඇති වී ඇත. ඒ නිසා වහාම එයින් ගොඩ ඒමට වෙළෙඳපොලට ණයවර නිකුතුවක් (Debenture Issue)මගින් රුපියල් බිලියන 8 දක්වා වාර්ෂිකව 13.25% පොලිය මත ලබා ගැනීමට මහජනතා වෙත පුවත් පත් මගින් දැන්වීම් පලකොට ආරාධනා කොට ඇත.

ලංකා බැංකුව විසින් පොලිය වශයෙන් වාර්ෂිකව 13.25% වැඩි මුදලක් මෙම ණයවර සඳහා ගෙවිම හේතුවෙන් ලබන වසරේ සාමාන්‍ය ජනතාව ලබාගන්නා බැංකු ණය සහ ලීසිං පහසුකම් සඳහා අති විශාල පොලියක් ගෙවීමට සිදු වන අතර මෙය පොලි වැඩීවිම සියලුම ක්ෂේත්‍රයන්ට ඉතා දරුණු ලෙස බලපානු ඇත.

ආර්ථික විශේෂඥන්ගේ මතය වනුයේ යම් හෙයකින් ලබන වසරේ අගෝස්තු මස වනවිටත් රටේ ආර්ථික යම් දුරකට හෝ ශක්තිමත් කර ගැනීමට නොහැකි වුවහොත් මෙන්ම මේ ආකාරයෙන්ම රජය නිසි ක්‍රමවේදයකින් තොරව ක්‍රියාත්මක වුවහොත් අනිවාර්යෙන්ම 2017 වසර අග වනවිට මුල්‍ය ද්‍රවශීලතාවය දිගින් දිගටම හීනවීම තුලින් සහමුලින්ම ලංකා බැංකුව කඩා වැටීමේ අවදානමට මුහුණ දෙනු ඇති බවයි.

ලංකා බැංකුවේ රුපියල් බිලියන 8 සඳහා අයදුම් පත්‍රය..


 

ලංකා සී නිවුස්

No comments:

Post a Comment

Post Bottom Ad